පූගොඩ පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු මිය යෑම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් යටතේ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
හදිසියේ අසනීපවීමෙන් පසුව මෙම 21 හැවැරිදි තරුණයා පෙරේරදා රාත්‍රී රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් තිබේ.
මෙහිදී පොලිස් ස්ථානාධිපති හෝ නිලධාරීන් අනිසි ලෙස කටයුුතු කර ඇත්නම් විනය ක්‍රියාමාර්ග හා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.