ඉතාලියේ රෝම් ශ්රී ලංකා තානාපති කාර්ය මණ්ඩලයේ PCR පරික්ෂණ සෘණාත්මකයි
ඉතාලියේ රෝම් ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට සිදුකල PCR පරික්ෂණ සෘණාත්මක බව රෝම් තනාපති කාර්යාලය පවසයි.
ඉකුත් 2 දා රෝම් තානාපති කාර්යාලයට පැමිණි ලාංකිකයෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඉතාලි සෞඛ්්ය බලධාරින් ලබාදුන් උපදෙස් හා මග පෙන්වීම මත තානාපති කාර්යාලය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක්කර කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා PCR පරික්ෂණයකට ලක්කල බව මේ සම්බන්ධයෙන් විමසිමේදි ඉතාලියේ වැඩබලන ශ්රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න මහත අද පුවත්පත සමග පැවසීය.
මේ හේතුවෙන් ඉකුත් 9 දා සිට ඊයේ 12 දක්වා රෝම් තානාපති කාර්යාලය වසා දමා තිබුණි.
චන්දන ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

