saravita-anim2

2025 ජුනි මස 09 වන සඳුදා

2025 ජුනි මස 09 වන සඳුදා

Latest News - timelapse 1188 hours ago

LATEST

අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති තුළ මත්ද්‍රව්‍ය පාලනයට ඇති යෝජනා

calendar_today 2024 සැප් 10 - 09:19 remove_red_eye - 587  

ජනාධිපතිවරණයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයන් විසින් මේ වන විට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මද්‍යසාර, දුම්කොළ, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනය අදාලව විශේෂ සැලකිල්ලක් දක්වා නොමැති බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සදහන් කරයි.

දේශිය බිත්තරයක තොග මිල රුපියල් විසි අටක් (28) දක්වා පහත වැටි තිබියදි බිත්තර මිල වැඩි බව පවසමින් බිත්තර මිලියන නවයක් (09) රටින් ගෙන්විමට සැලසුම් කරමින් තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය සදහන් කරයි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බල වේගය පක්ෂයේ අපේක්ෂක, අපේක්ෂිකාවන් නාම යෝජනා අත්සන් කිරීම ඊයේ(9දා) උදේ ඇල්පිටිය බීස් හෝටලයේදී සිදු කෙරිණ.

Read More

කිසියම් අවස්ථාවක පාර්ලිමේන්තුවන් පත් කරන අනුප්‍රාප්තික ජනාධිපති වරයකුගේ කාලය මාස හයක හෝ උපරිම වශයෙන් වසරක කාලයකට සිමා විය යුතු බවත්, ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසම් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ගාල්ලේ දී පැවසීය.

Read More

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී ලක්‍ෂ තිහක මුදලක් වංචා කළ බවට පෝරුතොට පදිංචි සහාබ්දින් පාතුම්මා සබ්‍රාන් නමැතියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව සිටි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද ( 09) දින මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව පොලීසිය පවසයි.

Read More

මුදල් වියදම් කරමින් එක්තරා කණ්ඩායමක් කටයුතු කිරීම ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේදී පෝලිම් ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපෑ බවත්,එය මේ වන විට යථාතත්ත්වය පත් කර ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

කොච්චිකඩේ දුම්රිය ස්ථානාධිපතිවරයා සහ දුම්රිය සහායකවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලීසිය කියයි.

Read More

2024.09.21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ අංක EC/ADM/PRE/2024 සහිත 2024.09.09 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි දිවයිනේ සියලුම පාසල් 2024.09.20 දින වසා තැබෙන අතර 2024.09.23 දින පාසල් නැවත ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහගෙන් එහිදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද, ඊට පෙර තමන් ඔහුගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අසන බව ද ඔහු කීවේය.ආනමඩුව නගරයේ ඊයේ (08දා) පැවති ජන රැලියකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. ඔහු මෙසේද පැවසීය.

Read More

කටුකුරුන්දේදී පුද්ගලයෙකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන් සිව් දෙනෙකුගේ තොරතුරු පොලීසිය විසින් මහජනතාවට ප්‍රසිද්ධ කර තිබේ.

Read More

වසර 10කට පසුව එංගලන්තයේදී එංගලන්තය පරදවමින් ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ එංගලන්තය සමගින් පවැත්වූ තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.

Read More

සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් තරගයේ ජයග්‍රහණය පෙනී පෙනී සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය මීට සුළු මොහොතකට පෙර ලබා ගත්තේය.

Read More

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට පැවැත්වෙන ප්‍රචාරක රැළිය අතරතුර රතිඤ්ඤා වැලක් පත්තු කිරීමෙන් පොලිස් නිලධාරින් පස්දෙනෙකු ඇතුළු හත් දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .

Read More

මහනුවර දැන් පැවැත්වෙන සමගි ජන සන්ධානයේ ජන රැළියට සහභාගී වී රාජ්‍ය අමාත්‍යවරිය මෙලෙස සහය පළ කිරීම සිදු කළාය.

Read More

​වැලිමඩ ප්‍රදේශයේ ඊයේ(08දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතා තමාට ‘යාලුවා’ යනුවෙන් සඳහන් කරමින් පැමිණියද ලබන 21 වැනිදාට පසු යාලුවාගේ තරම දැනගත හැකි බව

Read More

නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ​මේ බව සඳහන් කළේය.

Read More

පසුගිය අගෝස්තු 30 වැනිදා වන විට එම අවස්ථා අටකදී ඔහු මෙම මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇත.

Read More

ගල්කිරියාගම පොලිස් වසමේ නෑගම්පහ, වම්බටුවැව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට පැවිදි වීම සඳහා රැගෙනා දොලොස් හැවිරිදි දරුවෙකු එම ආරණ්‍ය සේනාසනයේ ධර්ම ශාලාවේ ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

Read More

අයිස් මත්ද්‍රව්‍ය සමග ගල්නෑව පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් ඉපලෝගම පොලිසියට අනුයුක්තව රාජකාරී කල පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කල බව අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

Read More

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20 න් පහළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරගාවලියකදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ නෙත්මි අහිංසා ක්‍රීඩිකාව 09/08 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ලොකු පැටි නමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් තවත් දින කීපයකින් එරට බලා පිටත් වීමට නියමිතව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතින ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙනවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද

Read More

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 167දෙනෙකු සහ නාවිකයන් 10,002දෙනෙකු 2019 මාර්තු සිට 2023 දෙසැම්බර් 31 දක්වා සේවය අතහැර ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ. එම විගණන වාර්තාව පෙන්වා දෙන්නේ එම තත්ත්වය අවම කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග නාවික හමුදාව මගින් මෙතෙක් නොගෙන ඇති බවයි.

Read More

ගාල්ල මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක හැපී සිදුවූ අනතුරෙන් ධීවර කාර්මිකයන් තිදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ නෞකාව නාවික නීතිය යටතේ සිය භාරයට ගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

Read More

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රි ලංකා ඉනිම ලකුනු 263කට සිමා විය. එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නො සමත් වූහ.

Read More

13 වැනි සංශෝධනයේ පවතින ඉඩම් හා පොලිස් බලතල තමන් ලබා නොදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

අත්‍යවශ්‍යතාව නිවැරදිව තේරුම් ගෙන ප්‍රමුඛතාව මත රෝහල් සඳහා උපකරණ ලබා ගැනීමේ ක්‍රමවේදයක් දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා තමන්ව මිත්‍රයෙක් ලෙස හැඳින්වුව ද, මහ බැංකු වංචාව පිළිබඳව පරීක්ෂණ පවත්වා ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුරු කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.