බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 30කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාලකරුවන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනුරාධපුර තඹුත්තේගම පදිංචි වන්දනාකරුවන් පිරිසක් කුඹල්වෙළ මහමෙවුනා අසපුවේ වන්දනාගමනක් පැමිණ නැවත නිවෙස් බලායද්දි 21 දින සවස 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය කියයි. වන්දනාකරුවන් පිරිස තඹුත්තේගම පදිංචිකරුවන් වෙයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි/එස්.පී. නානායක්කාර


