අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න යටතේ ශල්‍ය කර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයන්ගේ තොරතුරු රැස්කරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ශල්‍ය කර්මවලට භාජන වූ පුද්ගලයන් 77 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
EVD සහ VP SHUNT ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදු කළ ස්නායු ශල්‍ය කර්මවලදී එම උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ විමර්ශන සිදුකරන බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
විමර්ශනවලට අදාළව පසුගියදා අල්ලස් කොමිසම විසින් මෙම වෛද්‍යවරිය ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.
මෙම ශල්‍ය කර්ම නිසා අගතියට පත් තවත් පුද්ගලයන් හෝ මෙම අක්රමිකතාව පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයන් සිටිනවා නම් එම තොරතුරු ලබාදිය හැකි බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
ඒ අනුව 1954 යන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකයට හෝ [email protected]විද්යුහත් ලිපිනය හරහා එම තොරතුරු දැනුම්දිය හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබේ.