බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය ප්‍රදේශයේදි 21දින සවස සිදුවු බස් අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටින රෝගින් බැලීමට පැමිණෙන පවුල්වල සාමාජිකයින්ට නවාතැන් පහසුකම් ඇතුලු සේවාවන් සැපයිමට ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා කටයුතු කර තිබේ.
ඌව පළාත් සභාවට අයත් ප්‍රධාන අමාත්‍ය නිළ නිවස,හාලිඇල සම්පත් මධ්‍යස්ථානය සහ පැල්ගහතැන්න ඌව කළමනාකරණ පුහුණු ආයතනය රෝහල් ගතව සිටින රෝගින් බැලීමට අනුරාධපුර තඹුත්තේගම සිට එන පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෙන් කර තිබේ.
බසය පෙරළියෑමෙන් එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර තුවාල ලැබු 33දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම අනතුරින් තඹත්තේගම පහළගම පදිංචි රත්නායකගේ කුසුමාවතී (65),ඒ.වී ජයතිස්ස(42) සහ ප්‍රියත්මා පියාරා දිසානායක සිසුවිය (14) යන තිදෙනා අනතුරින් මරණයට පත්ව තිබේන බව පොලිසය කියන අතර බරපතල තත්වයේ සිටින තුවාලකරුවන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටිති.
අනුරාධපුර තඹුත්තේගම පදිංචි වන්දනාකරුවන් පිරිස කුඹල්වෙළ මහමෙවුනා අසපුව,බදුල්ල මුතියංගන රාජමහා විහාරය වන්දනා කිරිමෙන් පසු නැවත ගම්බිම් බලා යන අතරතුර 21 දින සවස 5.30ට පමණ අනතුරට පත්ව ඇත.
ලුණූගල ප්‍රසන්න පත්මසිරි