යාපනය පොලිස් වසමේ පන්නේ ප්රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් පුද්ගලයෙකු වැටී මියගොස් ඇති බවට යාපනය පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ (21දා) රාත්රි සිදුව ඇති මෙම සිදුවීමෙන් මරණයට පත්ව ඇත්තේ අවුරුදු 19 ක් වූ නිර්වේලි, යාපනය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු මෙම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරන අතර භාණ්ඩ ප්රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී ඇත.
මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.