saravita-anim2

2025 ජුනි මස 09 වන සඳුදා

2025 ජුනි මස 09 වන සඳුදා

Latest News - timelapse 1178 hours ago

LATEST

ඡන්දය දාන්න මේ අනන්‍යතා ලේඛන වලින් එකක් අරන් යන්න

calendar_today 2024 සැප් 12 - 16:00 remove_red_eye - 626  

ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමේදී වලංගු අනන්‍යතා ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

යහපාලන ආණ්ඩුවට මුක්කු ගසමින් කටයුතු කළ පාර්ශව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව තිබෙන බවත්, ඔවුන්ට ජනතාව ඡන්දේ නොදෙන බවට තමාට විශ්වාසයක් තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කූඨ ලෙස සකස් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු 09/12 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 13 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන් සහ පරිත්‍යාගශීලීන් ලබාදෙන ආධාර මත කතරගම දිස්ත්‍රික් රෝහලට නව වාට්ටු සංකීර්ණයක් ඉඳිකිරීමට පියවරගෙන ඇත.

Read More

පොහොර මිල අඩු කරන බවට සහ ගොවි ණය කපා හරින බවට අද ප්‍රකාශ කරන සජිත් හා අනුර එදා මේ රටේ ගොවි ජනතාව පොහොර නැතිව දුක් විඳින විට සිටියේ කොහොදැයි තමා ප්‍රශ්න කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

’Times school of higher education’ අධ්‍යාපන ආයතනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කරනු ලැබීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු තමන්ට විදේශගතවීම සඳහා වීසා ගැනීමට අවශ්‍ය නොවන බවත් ලොව ඕනෑම රටක වසර දහයක් ජීවත්වීම සඳහා වීසා බලපත් තමන් සන්තකයේ තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

Read More

2019 වර්ෂයේ තමන්ට ආණ්ඩුවේ නිළ නිවසින් ඉවත්වීමට තිබුනත්, එම නිළ නිවසේ තමන්ට ඉන්න පින පාදා දුන්නේ අනුර කුමාර දිසානායාක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

වෙස්ටර්න් ඔටෝමොබයිල් එසෙම්බ්ලි පුද්ගලික සමාගම කුලියාපිටිය, මහනුගලන්ද දී සිය අති නවීන වාහන (SKD) එකලස් කිරීමේ කර්මාන්තශාලාව ලඟදීම අරම්භ කරන බව එම සමාගම නිවේදනය කරයි.

Read More

සිරකරු දිනය අද(12) යෙදි තිබෙන අතර මේ අනුව සිරකරුවන් තුන්සිය පනහකට(350) රාජ්‍ය සමාව ප්‍රදානය කර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තාමනේතුව සදහන් කරයි.

Read More

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වූ කාල සීමාව ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

Read More

අගෝස්තු මාසයේදී මෙරට ජනපතිවරණයක් පැවැත්වූයේ නම් වැඩිහිටියන්ගේ ජනාධිපතිවරණ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

Read More

ජාතික ජනබලවේගය පක්ෂය රජයක් පිහිට වූ පසු මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශයක් කළැයි පවසමින් සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ජනාධිපතිවරණ රැලියකදී කළ අසත්‍ය ප්‍රකාශයකින් සිදුවූ හානියට රුපියල් කෝටි 100ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ජාතික ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කොළඹ දිසා අධිකරණයේ නඩුවක් අද (11දා) ගොනු කළාය.

Read More

මැතිවරණයෙන් පසු කිසිදු කලබලයක් ඇති වීමට ඉඩ නොතබන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත්, තමන්ට ඡන්දය නොදුන් කිසිවෙකුට නිය තුඩක හානියක් වීමට ඉඩ නොතබන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

පුද්ගලික අංශයේ සේවකයින් සදහා වන අවම මූලික වැටුප රුපියල් 21,000 ක් බවට පත් කරමින් පාර්ලිමේන්තුවේදී සම්මතවූ පනත සදහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී අත්සන් තැබූ අතර ඒ අනුව සේවක භාරකාර අරමුදල, සේවක අර්ථසාධක අරමුදල් සහ පාරිතෝශික ගෙවීමේදී අවම වැටුප බවට එය සැලකිය යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී.

Read More

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයෙන් පිට කර ගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සමග කටුනායක රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/10 දින අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

නාඳුනන කාන්තාවක් සමග ත්‍රී රෝද රථයෙන් කුලි ගමනක් ගිය අතරවාරයේදී මීට දින 40 කට පමණ ඉහතදී අභිරහස් ලෙස අතුරුදන් වූ එක්දරු පියා ඝාතනය කර මළ සිරුර බදුවිල වෙල්යායේ සඟවා ඇත්දැයි යන සැකයෙන් ගුවනින් සහ ගොඩබිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් අද (11) සිදු කෙරිණි

Read More

සිරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(11දා) ඇප ලබා දී තිබේ.

Read More

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමු වූ ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපියේ අක්ෂර හෙවත් ශිලා ලේඛනය කියවීමට මෙරට විද්වතුන් පිරිසක් සමත්වී ඇත.

Read More

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (11දා) සිය සහතිකය සටහන් කළේය.

Read More

එංගලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ තිබේ.

Read More

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත (Online) ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Read More

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය අපනයන ආර්ථිකයක්ද? ආනයන ආර්ථිකයක්ද? මා විමසු ප්‍රශ්නයට පිළිතුරු නොදෙන අනුර විවාදයකට ඇරයුම් කරනවා ඊට පෙර අනුර, සුනිල් හඳුන්නෙත්ති සහ හර්ෂණ සුරියප්පෙරුම එක්ව විවාද කර මාලිමාවේ නිසි ආර්ථික ප්‍රතිපත්තිය රටට කිවයුතුයි පසුව අනුර, මා සහ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය සහභාගීවන වීඩියෝ සංවාදයට වේලාව වෙන් කර ගත හැකියි. සජිත් අනෙක් අයට කථා කිරීමට ඉඩක් නොදුන්නද, ඔහුටද ඊට ඇරයුම් කළ හැකියි විපක්ෂනායකකම ආරක්ෂා කරගැනීමට නොහැ

Read More

රත්මලාන, මාලිගාව පාර නිවසකට 11 අලුයම කඩු පිහි රැගෙන ඇතුලුවූ පියෙකු එහි සිටි සිය පුතාට කඩුවෙන් හා පිහිවලින් පහරදී ඝාතනය කර සිය බිරිදට බරපතල කැපුම් තුවාල සිදුකර පලාගොස් ඇතැයි.ගල්කිස්ස පොලීසිය පැවසීය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරදීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හත්වන මහලේදී හෙට (12දා) සිදුකෙරෙන අතර එය දහවල් 12 ට අවසන් කෙරේ.

Read More

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියට තවත් රාජ්‍ය අමාධ්‍ය ධුරයක් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන වලට අයත් දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම යටතේ සංවර්ධනය කිරීම සඳහා කැමැත්ත දක්වන ආයෝජකයින් හඳුනාගැනීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

Read More

අධික ලෙස මත්පැන් පානය කොට හොරණ සිට කොළඹ දක්වා මගීන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු බස් රථය සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.