saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7860 hours ago

LATEST

රිෂාඩ් එළඹෙන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි

calendar_today 2020 ඔක් 19 - 18:06 remove_red_eye - 893  

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) විසින් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

නුවර පාරේ සහ මීගමුව පාරේ ගමන් ගන්නා වාහන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී කිසිදු ස්ථානයක නතර කිරීමක් සිදු නොකළ යුතු බව පොලීසිය සඳහන් කරයි.

Read More

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබේ.‍

Read More

දේශීය ඖෂධ නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී ඔවුනට දෙස් - විදෙස් වෙළඳපොළ ජය ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය හා තාක්ෂණික සහයෝගය ලබා දිය හැකි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ලංකා කාර්මික සංවර්ධන මණඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කටයුතු යොදා ඇත.

Read More

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන් )ට එරෙහිව නඩු විභාගය කල් දමන ලදි.

Read More

හදිසි පනත් සම්මත කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනපතිවීමට අවස්ථාව ලබාදීම, රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිට ඇති බලතල අහෝසි කිරීම, ඇමතිවරුන් ගණනට ඇති සීමා ඉවත්කිරීම යන කරුණු සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර තිබේ

Read More

අද උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි ලබාදීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

Read More

හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර ජේලර්වරයා 23 දින දක්වා රදවා ප්‍රශ්න කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ආර්.එස් .මහ්ෆි මහත්මිය පුත්තලම පොලිසියට අවසර ලබා දිම සිදුවිය.

Read More

ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.

Read More

කෝවිඩ් -19 වෛරසය ආසාදානය වූ තවත් 37ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් ට රැකවරණය දුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.

Read More

මිගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

මාස් ව්‍යාපාර සමූහයේ සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආදානය වී ඇති බව එම සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ගණිකාවන් බවට පත් කිරීම සදහා කාන්තාවන් පස්දෙනෙකු රදවාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් ‘ජිනා මැඩම්’ නමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (19) අත්හිටවු සිරදඩුවම් හා දඩ නියම කළේය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 47ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

Read More

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු කළ අතර ඒ අනුව On Line ක්‍රමයට ජනතා ගැටළු විසදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිට ආරම්භ විය.

Read More

නව ඖෂධ නිෂ්පාදනය කිරීමේ ’’අලුත් රටට අලුත් බෙහෙත්’’ වැඩපිළිවෙළ යටතේ ක්ලොපිඩෝග්‍රෙල් (clopidogrel) ඖෂධය එළිදැක්වීම අද (19දා) රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව්තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවිමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි

Read More

2020 තුන්වැනි කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමග ඉහත ඇස්තමේන්තු 2020.12.15 දින ප්‍රකාශයට පත් කිරීමට තිරීණය කළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඔක්තෝබර් මස 12 වැනි දින සිට ආරම්භ කෙරුණු මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 06 වැනි දින තෙක් විභාග මධ්‍යස්ථාන 2648 කදී පැවැත්වේ.

Read More

දැනට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේදී මීටරයක දුරක් මන්ත්‍රීවරු අතර නොතිබෙන බවත් මීටරයක් දුරින් මන්ත්‍රීවරු අසුන් ගැන්වීමට කතානායකවරයාගෙන් ඉල්ලීම් කරන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ (19දා ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය.

Read More

බස්නාහිර පළාතේ සංවේදී පරිසර කලාපයක් වන “මුතුරාජවෙළ” සහ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි “පන්සලාතැන්න- මාඋස්සාව” පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් සංවේදී පරිසර පද්ධතීන් පාරිසරික ආරක්ෂණ කළාප ලෙස නම් කිරීම සඳහා අදාල ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදිත වූ මතුගම කොළඹ සුඛෝපබෝගී බස්රථයක රියදුරෙක් අගලවත්ත රාජ්‍ය බැංකුවකට මීට දින කීපයකට ඉහතදී ගොස් තිබීම හේතුවෙන් එම රාජ්‍ය බැංකුව (19) වසා දැමීමට පියවර ගත් බව අගල වත්ත සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි

Read More

දැනට ගැසට් කර ප‍්‍රකාශයට පත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අප‍්‍රසාදය මේවන විටත් පළ වී ඇති බවත් ඒ පිළිබඳව පළව ඇති අදහස් පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවිය යුතු බවත් ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් අත්අඩංගුවට ගත් දෙහිවල මහල් නිවාස සංකිර්ණයේ අදාළ නිවසේ හිමිකරුද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශය 19 ක් තුල නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වූවද ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා , වැඩිහිටි දීමනා, ආබාධිත දීමනා සහ වකුගඩු රෝගී දීමනා නියමිත පරිදි සැමටම ලබාදීමට පියවර ගනු ලැබූ බව දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, විල්ලව වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.