මධ්‍යම පළාතේ ආසාදිතයින් සංඛ්‍යාව 5551 දක්වා ඉහළට
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 72ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (12) පෙරවරු 6.00 වන විට 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් තවමත් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 3598කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1159දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 794 දෙනෙකු ද වාර්තා වී ඇත.
අද (12) පෙරවරු 6.00 දක්වා කාලය තුළ පළාත තුළින් වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 72කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 61ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 11ක් ලෙසිනි.
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ 48ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 38 ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 07 හා නු
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
