saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7426 hours ago

LATEST

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට සිට බස්නාහිර පළාතේ පාසල් විවෘතයි

calendar_today 2021 ජන 24 - 08:23 remove_red_eye - 416  

2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට(25) බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරෙයි. මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට(25) දිනයේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන

දකුණු පළාතෙන් ඊයේ (23) දින නව කොරෝනා ආසාදිත රෝගින් 60 දෙනෙකු වාර්තා විමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2210 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙයෙහුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

’’මෙය බැරෑරුම් ලෙස සලකන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් තුන්වැනි රැල්ලක් වැළැක්වීම දුෂ්කරයි’’ යනුවෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසයි.

Read More

රුසියාව වෙත යළි පැමිණි විගස අත්අඩංගුවට පත් එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට සහාය පළ කරමින් පැවති විරෝධතා මැඬපැවැත්වීම සඳහා රුසියානු පොලීසිය 3,000කට අධික පිරිසක් රඳවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඉතාලිය වෙත ලැබීමට නියමිතව තිබූ ෆයිසර් එන්නත් ප්‍රමාද වීම සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවද අගමැතිවරයා කීවේය.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව, එක්සත් රාජධානිය දැනට පුද්ගලයන් 100,000කට වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවක් වාර්තා කරන ගෝලීය රටවල් ලැයිස්තුවේ මුලටම පැමිණ තිබේ.

Read More

කොවිඩ්-19 ට එරෙහිව සීනොවැක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් හදිසි භාවිතයට ගැනීමට ඇන්විසා අවසර දී ඇතත්, සිකුරාදා වන තෙක්ම දකුණු ඇමරිකානු රාජ්‍යයෙහි පැවතියේ කොරෝනාවැක් මාත්‍රාව පමණක් බවද කියයි.

Read More

චීලී රාජ්‍යයේ, දකුණු ෂෙට්ලන්ඩ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණ 7.0ක විශාලත්වයකින් යුත් භූ කම්පනයක් ග්‍රිනීච් වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

පසුගිය වසරේදී ඔහුගේ දරුවන් දෙදෙනෙකු සති කිහිපයක් ඇතුළත මිය යනවිට ලැරී කිංග්ට තවත් වේදනාවක් එක්කර තිබුණි. 65 හැවිරිදි ඇන්ඩි කිංග් හෘදයාබාධයකින් පෙළුණු අතර 52 හැවිරිදි දියණිය චියා කිංග් පෙනහළු පිළිකාවක් නිසා මිය ගියාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,118,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

Read More

ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුද දෙසින් ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත්වී ඇත.

Read More

ගල්කිස්සේ පදිංචි 69 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් හා රනාල පදිංචි අවුරුදු 82ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 371ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (23) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 353ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අලව්ව නගරයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසැල් දෙකක සේවකයින් 19 දෙනෙකු පසුගිය දා කොවිඩ් ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගෙන් කළ පී.සී.අර් පරීක්ෂණයෙන් පසු තවත් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව අලව්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් පුද්ගලයින් 644ක් අද (23) පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 23 දින උපදෙස් ලබා දුන්නේය.

Read More

අනුරාධපුර දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබේ.

Read More

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

කරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක මියෑමෙන් පසු සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බැවින් එම ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා අවදානම් තක්සේරුවක් අද (23) සිදුකර වාට්ටුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කරන බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

Read More

මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයකට යටවීමෙන් සිදුවූ අනතුරකින් බිළිදෙකු මියගොස් තිබේ.‍

Read More

හැටන් කලාප අධ්‍යාපන කර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ 9 ඒ වසරේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.

Read More

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී හදසියේ රෝගීවූ පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමින් සිටිය දී මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිත බව මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (23දා) උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා මෙහෙයුම් 23 ක් සිදු කරමින් ගුවන් මගීන් 1,044 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

දකුණු පළාතෙන් ඊයේ (22) දින නව කොවිඩ් ආසාදිත රෝගින් 83 දෙනෙකු වාර්තා විමත් සමග කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2150 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

තුර්කියේ එන්නත් වැඩසටහන් සම්බන්ධීකාරක තාර්කන් මුස්තාපා යමානොග්ලු කියා සිටියේ කොරෝනාවැක් සමග එන්නත් ලබාදීමේ වැඩසටහන වේගවත්ව හා පහසුවෙන් සිදුකළ හැකි බවයි.

Read More

පොලිස් විශේෂ කාර්‍ය බලකායේ විශේෂ වැටලීම් ඒකකය ඊයේ (22) රාත්‍රියේදී දකුණේ ප්‍රබල පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් ,පතුරම් දෙකක් හා මැගසින් එකක් සමග මීටියාගොඩ වේරගොඩ ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇත.

Read More

මේ දක්වා කියුබාවේ කොරෝනා ආසාදිතයන් 19,530ක් සහ මරණ 184ක් වාර්තා වී තිබුණත්, කොවිඩ්-19 හි වෙනත් ඕනෑම ප්‍රභේදයක් එරටින් සොයාගත් පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පැට්‍රික් වැලන්ස් පැවසුවේ ආසාදනය වන සමස්ත ජනගහනය දෙස බලන විට ප්‍රභේදය වඩාත් මාරාන්තික බවක් පෙන්වන බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.