හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් ජනවාරි 6 වැනි දින කැපිටල් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපද වොෂිංටන් නගරයේ පෙර නොවූ විරූ ආරක්ෂක පියවර ගෙන තිබුණි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,104,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.
Read Moreඅද (22) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 438ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයන් ලෙස නිරෝධායනය වෙමින් සිටි ඇමති ආරක්ෂක නිලධාරියෙකු හා ආධාරකරුවෙකු වන පුද්ගලයන් දෙදෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇතැයි පොලිසිය හා සෞඛ්‍ය අංශ අද(22) සදහන් කළහ.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 278ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 61 ක් අලුතින් අද (22) වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 2303 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreඅද (22) දිනයේ කොවිඩ් ආසාදිතයින් 346ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමදුරන්කුලිය කර්මාන්ත ශාලාවේ ආසාදිතයින් ( 22 ) දින වන විට 75 ක් දක්වා වර්ධනය වි ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.
Read More5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව ත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ලේකම්වරයා මේ බැව් පැවසූයේ අද (22දා) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
Read Moreඅද (22) දිනය තුළ ආසාදිතයින් 633 ක් සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreසිය ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වූයේය. ඒ ගාල්ල ක්‍රීඩාංගණයේදී සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.
Read Moreපාරිසරික වශයෙන් ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක්ව පවතින කසල, ආර්ථිකයට ශක්තියක් මෙන්ම සමස්ත රටට වැඩදායි අංගයක් බවට පත් කරමින් විදුලි උත්පාදනය වෙනුවෙන් යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක්, ලබන මස මුලදී ආරම්භ කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.
Read More2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2021-02-28 දින තෙක් දීර්ඝ කර ඇත.
Read Moreකොවිඩ් ආසාදිතයකු ඇසුරු කල නිලධාරියකු ( 22 ) සේවයට පැමිණිමත් සමග ආණමඩුව ප්‍රාදේශීය සභාව කලින් වසා දැමිමට කටයුතු කල බව සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා පවසයි.
Read Moreප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා මියයන විට 98 හැවිරිදි වියේ පසුවිනි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වැඩිම නව ආසාදිතයින් 184ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (22) පෙරවරු 6.00 වන විට 3548ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅම්බලන්තොට මැලේකොලනිය ප්‍රදේශයට අද (22) පෙරවරුවේ සිට සංචරණ සීමා පනවා ඇතැයි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
Read Moreඋඩවලව ජාතික වනෝද්‍යානයට 05 කණුව ප්‍රදේශයෙන් ඇතුළුවූ අයෙකුට ඊයේ (21) වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී නියාමකවරයෙකු හම්බේගමුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreජයවර්ධනපුර රෝහලේ දැනට පවතින ක්‍රියාකාරීත්වය සොයා බලා එහි කාර්යක්ෂමතාව වැඩිකිරීමේ නිදේශ ලබාගැනීමට පත්කළ කමිටුවේ යෝජනා ඇතුලත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාරදීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීසිදු කෙරිනි.
Read Moreමානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.
Read Moreඑංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 76ක් රැස්කරගෙන සිටියි.
Read Moreදික්වැල්ල විජිත විද්‍යාලය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොලොන්නරුව රාජකීය විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය, මන්නාරම මුරුගන් මධ්‍ය මහා විද්‍යාලය, රත්මලාන හින්දු විදුහල යන ක්‍රීඩා පාසල් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු පාසල් සිසුවියකගේ මවක් ළගම ආශ්‍රිතයෙකු විම නිසා නාවලපිටිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් (21) දින සිට තාවකාලිකව වසා දමා එම බැංකු ශාඛාවේ සේවකයින් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව පස්බාගේ කෝරළේ සෞඛය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොළමුන්න මහතා පැවසිය.
Read Moreවලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත. (22) අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර සිටියේය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර උඩුවර 174/ 12 කි. මී .අසළදී දුම්රියක් පීලිපැනීමට ලක්විය
Read Moreපස්සර ජාතික සිසුන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසයි.
Read Moreදික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු කාන්තාවකට සහ තරුණයෙකුට සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය අනුව එම දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ මහතා පැවසිය.
Read Moreමෙම ඊනියා නිර්ණය කිරීම් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් වන අතර, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන සම්මතයන් පාගා දැමීමක් බව පවසමින්, ෂින්ජියැන් සහ එහි සියලු ජනවාර්ගික කණ්ඩායම් එම ඊනියා චෝදනා දැඩි ලෙස හෙළා දකින බව පවසයි.
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (21) වාර්තා වූ නව ආසාදිතයින් 82දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,084දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read More