සිනෝෆාම් එන්නත් ලක්ෂ 5 බීජින් ගුවන් තොටුපොළට
චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ඊයේ දිනයේදී බීජින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
එම එන්නත් තොගයට අමතරව සිලින්ජර් 502400ක්ද බීජින් ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහනය කර තිබේ.
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ගුවන් ගත කිරීම සඳහා වන වැඩ පිළිවෙලට සහාය දැක්වීම සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාද සහභාගී වි තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මෙම එන්නත් තොගය එළැඹෙන 25දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය.




-
Nandana Monday, 24 May 2021 10:30 AM
Buy 3 get one free
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

