බතික් වෙසක් කූඩුව අගමැතිට පිළිගන්වයි
මෙවර වෙසක් උළෙලේදී බතික් රෙද්දෙන් හැඩ ගැන්වූ විචිත්‍රවත් පහන් කූඩු රැසක් කොළඹ මහ නගරසභා භුමියේ නරඹන්නන් නොගැවසෙන වෙසක් කලාපයක් ලෙස ප්‍රදර්ෂණය කිරීමටත් එම පහන් කූඩු සමාජ ජාලා සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාවට දැකබලා ගැනීමටත් ඉඩ සැලැස්වීමටත් කටයුතු කර ඇති බව බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර (21) පැවසීය.
සිය ෆේස් බුක් ගිණුමේ වීඩියෝ පනිවිඩයක් තබමින් අමාත්‍යවරයා මෙම අදහස් ඵල කලහ.
වෙසක් මංගල්‍යය වෙනුවෙන් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් පළමු බතික් වෙසක් කූඩුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වීම ඊයේ අරලියගහ මන්දිරයේ දී සිදු කෙරැණි.
දේශීය නිෂ්පාදනයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය හා ජාතික මෝස්තර නිරූපණ මධ්‍යස්ථානය මගින් සකස් කර ඇත.
රට පුරා පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසටම වී සිටින ජනතාවට විදේශයන්ගෙන් ගෙන්වන සැරසිලි වෙනුවට මෙරට අනන්‍යතාව හා දේශීයත්වය ලොවටම විදහා දක්වන මෙවැනි නිර්මාණ සිදුකරමින් මෙම උතුම් බුදු තෙමගුල සැදැහැසිතින් එක්වන ලෙසද පැවසීය.
මොරටුවේ රේඛා තරංගනී ෆොන්සේකා



popular news
-
Rocky Sunday, 23 May 2021 06:40 PM
Mewa mona boru sobana da? Danata dasaka kihipayakate pera Gunasiri Kolambage, Wipula Dharmawardana dedena Batik kalaawen penwapu hapankam ekka balapuwaama mewa monawada? Amathithumaa lajjaa wenna ona! Wipule nam danata jeewathun athara naha. Gunasiri nam deyiyange pihiten thawama hondin innawa. Kovid walata eka injection ekak gahala anika kawadaa labewida danne nathuwa. Amathithumaa Batik gana poddak eyaagen ahalaa baluwaa nam hondaaayi!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

