අම්බලන්තොට මැලේකොලනිය ප්‍රදේශයට අද (22) පෙරවරුවේ සිට සංචරණ සීමා පනවා ඇතැයි අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
උඩවලව ජාතික වනෝද්‍යානයට 05 කණුව ප්‍රදේශයෙන් ඇතුළුවූ අයෙකුට ඊයේ (21) වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී නියාමකවරයෙකු හම්බේගමුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreජයවර්ධනපුර රෝහලේ දැනට පවතින ක්‍රියාකාරීත්වය සොයා බලා එහි කාර්යක්ෂමතාව වැඩිකිරීමේ නිදේශ ලබාගැනීමට පත්කළ කමිටුවේ යෝජනා ඇතුලත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාරදීම අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීසිදු කෙරිනි.
Read Moreමානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.
Read Moreඑංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 76ක් රැස්කරගෙන සිටියි.
Read Moreදික්වැල්ල විජිත විද්‍යාලය, හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොලොන්නරුව රාජකීය විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලය, යාපනය මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය, මොණරාගල පැලවත්ත නවෝද්‍යා විද්‍යාලය, මන්නාරම මුරුගන් මධ්‍ය මහා විද්‍යාලය, රත්මලාන හින්දු විදුහල යන ක්‍රීඩා පාසල් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු පාසල් සිසුවියකගේ මවක් ළගම ආශ්‍රිතයෙකු විම නිසා නාවලපිටිය නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් (21) දින සිට තාවකාලිකව වසා දමා එම බැංකු ශාඛාවේ සේවකයින් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව පස්බාගේ කෝරළේ සෞඛය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොළමුන්න මහතා පැවසිය.
Read Moreවලපනේ ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත. (22) අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කර සිටියේය.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර උඩුවර 174/ 12 කි. මී .අසළදී දුම්රියක් පීලිපැනීමට ලක්විය
Read Moreපස්සර ජාතික සිසුන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසයි.
Read Moreදික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු කාන්තාවකට සහ තරුණයෙකුට සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය අනුව එම දෙදෙනාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ මහතා පැවසිය.
Read Moreමෙම ඊනියා නිර්ණය කිරීම් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් වන අතර, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන සම්මතයන් පාගා දැමීමක් බව පවසමින්, ෂින්ජියැන් සහ එහි සියලු ජනවාර්ගික කණ්ඩායම් එම ඊනියා චෝදනා දැඩි ලෙස හෙළා දකින බව පවසයි.
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (21) වාර්තා වූ නව ආසාදිතයින් 82දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,084දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read Moreබහරේනය වෙත රැකියා සදහා ගොස් , එහිදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකික සේවකයින් 186 දෙනෙකු 01/21 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ සම-නායකත්වයෙන් යුත් ගෝලීය COVAX වැඩසටහන යටතේ මේ වසරේදී ලොව පුරා අවම වශයෙන් බිලියන 2ක කොවිඩ්-19 මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය වන අතර, අවම වශයෙන් බිලියන 1.3ක් දුගී රටවලට සැපයෙනු ඇත.
Read Moreලොව විශාලතම එන්නත් නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ සේරම් ආයතනයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකිවී තිබේ.
Read Moreචීනයේ ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන කොරෝනාවැක් එන්නත ජනගහනය සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නතක් ලෙස අනුමත කරන බව චිලී මහජන සෞඛ්‍ය ආයතනයෙහි වැඩබලන අධ්යක්ෂ හෙරිබර්ටෝ ගාර්ෂියා පවසයි.
Read More61 හැවිරිදි වියේ පසුවන ජනපති ෆර්නැන්ඩස්, බුවනෝස් අයර්ස් හි පොසදාස් රෝහලේදී මාත්‍රාව ලබාගෙන ඇති අතර, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නත භාවිත කරන ලෙස ආර්ජන්ටිනාවේ ඖෂධ, ආහාර හා තාක්ෂණ ජාතික පරිපාලනය එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණි.
Read Moreරජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ප්‍රංශයේ පුරවැසියන් 823,567දෙනෙකුට මේ දක්වා කොවිඩ්-19 එන්නත ලැබී තිබේ.
Read Moreකියුබාවේ සංචාරයකට ගිය හිටපු ජනාධිපතිවරයා සමග ඔහුගේ කණ්ඩායම ධනාත්මක බව තහවුරු කරගෙන ඇත්තේ කියුබාවේදීය. වෛරසයෙන් තම පෙනහළුවල ආබාධ තත්ත්වයක් ඇති වුවත්, රෝහල්ගත කිරීමට තරම් අසාද්‍ය තත්ත්වයක් නොවූ බවද ලූලා කියයි.
Read Moreවානිජ ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව විවෘත කිරීමෙන් පසුව පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙකු ඊයේ (21දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,088,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.
Read Moreනාවලපිටිය, කැටඹුලා තේ වතුයායේ වතු කාර්යාලය තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 52000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 536ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මීගම ප්‍රදේශයේ තුනී ලෑලි කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු හමුවීමත් සමග එම කර්මාන්ත ශාලාව වසා එහි සේවකයන් සියලු දෙනා නිරෝධායනයට යොමුකළ බවත් එම පිරිසට අමතරව මතුගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු සහ යටදොලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ දහවල් වාර්තාවූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් මහතා පැවසීය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 10,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreපළමු තරගය පරාජය වූවත් හෙට ආරම්භ වන තරගයට යහපත් මානසික මට්ටමකින් මුහුණදීමේ සූදානමින් සිටින බව දිනේෂ් චන්දිමාල් පවසයි. ගාල්ලේදී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය පිළිබඳ අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාකට එක්වෙමින් චන්දිමාල් මේ බව පවසා සිටියේය. වීඩියෝ තාක්ෂණය (Virtual Press Conference) ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් අඩුවීමද දිගින් දිගට අසාර්ථකවීමට හේතුවක් බවයි.
Read Moreතවත් කොවිඩ් -19 ආසාදිතයින් 337ක් හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 55,526 කි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 112ක් වාර්තා විමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (21) පෙරවරු 6.00 වන විට 3365ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read More