saravita-anim2

2025 ජුලි මස 18 වන සිකුරාදා

2025 ජුලි මස 18 වන සිකුරාදා

Latest News - timelapse 7152 hours ago

LATEST

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ විත්තිකරුට වසර හයක සිර දඬුවම්

calendar_today 2021 ජන 21 - 18:34 remove_red_eye - 451  

අටුලුගම මාරාව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ප්‍රහාර එල්ල කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුට එරෙහිව වසර 6ක සිරදඬුවම් නියම කිරීමට පානදුර අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද 21 නියෝග කළේය

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 769 දෙනෙක් සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

හොංකොං හි වර්ධනය වෙමින් පවතින නව කොරෝනා සමඟ, රට තුළට පැමිණෙන, විදේශීය ගෘහ සේවිකාවන් සහ ඔවුන්ගේ සේවා යෝජකයින් ඇතුළු සංචාරකයින් සඳහා අනිවාර්ය නිරෝධායනය ඇතුළුව කොරෝනා වැළැක්වීමේ සහ පාලනය කිරීමේ පියවර රැසක් එරට රජය විසින් යාවත්කාලීන කර ඇත

Read More

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිවු දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

Read More

එංගලන්තයට එරෙහිව ටෙස්ට් සංචිතයේ සිටින ජාතික ක්‍රීඩිකයෙක් හා කණ්ඩායමට අනුයුක්ත කාන්තා සෞඛ්‍ය නිලධාරිනියක් වැරදි ලෙස හැසිරී ඇති බවට වන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවා තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය විම සහ කාර්ය මණ්ඩලයේ වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය වීම හේතුවෙන් වසා දැමුණු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ලබන 25 වෙනි සඳුදා සිට නැවත විවෘත කිරීමට නියමිත බව එහි ලේඛකාධිකාරී යූ.ඩි.දොඩන්වල මහතා පැවසිය.

Read More

අනුරාධපුර නීරාවිය දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පවුල් කිහිපයක සාමාජිකයන්ට කොවිඩ් 19 වැලදි ඇති බව පී.සී.ආර් පරික්ෂන වාර්ථා වලින් තහවුරු වීමත් සමග නීරාවිය දේවානම්පියතිස්සපුර විද්‍යාලය හා නීරාවිය අල් අස්කර් මුස්ලිම් විද්‍යාලය තාවකාලිකව අද (21දා) වසාදැමූ බව අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

මොරටුව අගුලාන දෙවන පටුමග ප්‍රදේශයේ නිවසකදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පොලිස් ශිෂ්‍ය කාර්ය බලකා මූලස්ථාන කදවුර කියයි .

Read More

අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් පත් කෙරෙන මෙම කමිටුවට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අතුළ සේනාරත්න, මහාචාර්ය එච්. ඩබ්. නවරත්න, ආචාර්ය ස්ටාලින් ප්‍රනාන්දු, ආචාර්ය බර්නාඩ් පෙරේරා, ආචාර්ය සී. එච්. කේ, ආර්. සිරිවර්ධන හා ආචාර්ය ඕ. කේ. දිසානායක යන මහත්වරුන් නම් කර තිබේ.මෙම විද්වතුන් එම කමිටුවට පත් කිරීම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතය.

Read More

ශ්‍රිපාද වන්දනාවේ ගිය ගාල්ල පාසලක රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් 04 දෙනෙකුට හා ක්‍රිඩකයකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පසුගිය යක්කල සති පොළෙහි වෙළදුන් අහඹු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පැවසීය.v

Read More

මහනුවර අධිකාරිගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතු සේවිකාවන් 14 දෙනෙකුට කොවිඩ් වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ට්‍රම්ප් පරිපාලනයේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, පීටර් කේ. නවාරෝ, රොබට් සී. ඔ’බ්‍රයන්, ඩේවිඩ් ආර්. ස්ටිල්වෙල්, මැතිව් පොටින්ගර්, ඇලෙක්ස් එම්. අසාර්, කීත් ජේ. ක්‍රාච්, කෙලී ඩී.කේ. ක්‍රාෆ්ට් සහ ජෝන් ආර්. බෝල්ටන් සහ ස්ටීවන් කේ. බැනන් යන පුද්ගලයන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ට චීනයේ ප්‍රධාන භූමියට සහ හොංකොං සහ මැකාවෝ වෙත ඇතුළුවීම තහනම්.

Read More

දෙහිවල තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට සනාථ වීම නිසා 21 වනදා සිට රාජකාරි සදහා විවෘත නොකර වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු හොරෙයින් මත්කුඩු සමග කොලොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ නිවසකදී 20 අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

Read More

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල බිබිල ඒ,5 මාර්ගයට පස් කදු කඩා වැටී නිතර මාර්ගය අවහිර වන බව රියදුරන් කියයි.

Read More

(සුරා මත /LONG READS) ’’දැන් මොකක්ද ඔහේලා ලබපු පුංචි ජයග්‍රහණය?’’ කිසිත් නොතේරුණු මම ඇසීමි. ’’ඇයි මුකුත් දන්නෑ වගේ හැසිරෙන්නේ? රටම දන්නවා කුසල් අන්තිම ඉනිමෙදි ලකුණු 15ක් ගත්තා කියලා. ඔයා දන්නෙ නෑ?’’ මිතුරා චෝදනා කළේය.

Read More

මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි.

Read More

කොග්ගල නිදහස් වෙළද කළාපයේ කොරෝනා ආසාදිත ඇගලුම් කමහල් සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව අද (21) උදැසන වනවිට 101 දක්වා ඉහල ගොස් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පාසැල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

දකුණු පළාතෙන් ඊයේ (20) දිනය තුල අලුතෙන් කොරෝනා ආසාදිත රෝගින් 99 දෙනෙකු වාර්තා වි ඇති අතර ඒ සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2002 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව යළි වානිජ ගුවන් ගමන් සදහා විවෘත කිරීමෙන් පසුව පැමිණෙන පළමු වානිජ ගුවන් යානය 01/21 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

කෝවිඩ් 19 වෛරසය ගෝලීයව ව්‍යාප්ත වෙමින් මිනිස් ජීවිත බිලිගනිද්දී එයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කෙරෙහි ලොව ප්‍රමුඛ පෙළේ රටවල අවධානය යොමු විය. ඒ අනුව මේ වන විට එන්නත් කිහිපයක් විවිධ රටවලින් හඳුන්වා දී තිබෙයි. Pfizer- BioNTech , Moderna,Oxford - AstraZeneca ,රුසියාවේ Sputnik, චීනයේ Sinovac ආදිය ඒ අතර වේ. පසුගිය වර්ෂයේ අවසන් මාසය වන විට ලෝකයේ ධනවත් රටවල් රැසක් කෝවිඩ් එන්නත් එක්රැස් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකර තිබිණ. මේ හේතුව නිසාම දුප්පත් රටව

Read More

චන්ද්‍ර අලුත් අවුරුදු නිවාඩුව ළඟා වෙත්ම, යළි තම ගම්බිම් බලා යන අය දින හතක් ඇතුළත ලබාගත් සෘණාත්මක න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සහතිකයක් සමග එසේ පැමිණිය යුතු බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර ලෙස මුඛ ආවරණ අභියෝගයක් මෙන්ම, දේශගුණික විපර්යාස පිළිබඳ 2015 පැරිස් සම්මුතියට නැවත ඇතුළු වීම ඇතුළු විධායක නියෝග මාලාවකට ඇමෙරිකානු නව නායකයා අත්සන් තැබීය.

Read More

(LONG READS)අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත සිරදඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ පුවත් වාර්තාවන්ට පමණක් සීමා වූ ආවරණය සහ ඒ සඳහා සිංහල භාෂා තුළ සැලකිය යුතු තරමින් ලැබී තිබූ ආවරණය හා සංසන්දනය කර බලන විට කැපී පෙනෙන වෙනසක් විණි.

Read More

රුසියාවේ දැනට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 3,595,136ක් වාර්තා වන අතර, මරණ 66,214ක් වාර්තා කර තිබේ. එසේම එරට නිපදවූ ස්පුට්නික්-වී එන්නත වෛරසයට එරෙහිව ඉහළ ඵලදායීතාවක් හා කාර්යක්ෂමතාවක් පෙන්වන බවද කියන්නේ ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන මේ වනවිටත් අරඹමිනි.

Read More

ලසිත් මාලිංග ලීග ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කරයි. ලසිත් මාලිංග ඒ සම්බන්ධයෙන් වන තීරණය මේ මස මුලදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දන්වා ඇති බවද එම කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read More

එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝගී වූ පුද්ගලයන් 405,599ක් මේ වනවිට මියගොස් ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.