රියාජ් බදියුදින්ගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කොට තමන්ව මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. බී. ජයසේකර, එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති වරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ, පාස්කු ඉරුදින එල්ල කෙරනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින්ම අත්අඩංගුවට ගත් බවය.
ඉන් අනතුරුව තමන්ගේ නිවාස, දේපල ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට එරෙහිව නඩු පැවරීම සඳහා සාධාරණ කරුණු කිසිවක් ඉදිරිපත් නොවීම හේතුවෙන් තමන්ව මුදාහැරීමට පියවර ගත් බවද රියාජ් බදියුදීන් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

