saravita-anim2

2025 ජුලි මස 18 වන සිකුරාදා

2025 ජුලි මස 18 වන සිකුරාදා

Latest News - timelapse 7139 hours ago

LATEST

තවත් ප්‍රදේ​ශ 2ක් හුදකලා කරයි

calendar_today 2021 ජන 24 - 19:07 remove_red_eye - 2514  

ප්‍රදේශ කිහිපයක අද (24) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කිරීමට සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 423 දෙනෙකු අද (24) දිනයේ රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339කි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 349 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1185ක්, බීමත් රියැදුරන් 830ක් ඇතුළු සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය සඳහන් කරයි.

Read More

මදුරන්කුලිය කර්මාන්ත ශාලාවේ 24 දින වන විට කොවිඩ් 19 ආසාදිතයින් 101 දක්වා ඉහල ගොස් තිබු බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

පරිසර නීති උල්ලංඝණය වන ලෙස කටයුතු කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Read More

අම්බලන්තොට මලේකොලනිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිත රෝගීන් 34 ක් හදුනා ගැනීමත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිසිලෙස හදුනාගැනීමට නොහැකිවීමත් නිසා පවතින අවධානම් තත්වය යටතේ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ඉකුත් 22 පෙරවරුවේ සෞඛ්‍ය අංශ බලධාරීහු කටයුතු කළහ.

Read More

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ ඉදිරිපස පිහිටි ඓතිහාසික හිරු අට්ටාලය, සඳු අට්ටාලය හා තාරුකා අට්ටාලය මේ දිනවල කිසිවෙකුට ඇතුළුවිය නොහැකි අයුරින් වසා දැමීම හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි දේශීය නරඹන්නෝ පවසති.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 24 වනදා පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුත නව ආසාදිතයින් 106ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 3766 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

Read More

මෙරට පළාත් නවයේ ප්‍රවාහන අධිකාරි කාර්යාල ඒකාබද්ධව පුද්ගලික බස් රථ යොදාගෙනරට පුරා ක්‍රියාත්මක වන ආකාරයේ භාණ්ඩ ප්‍රවාහන සේවාවක්ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති හසිත විජයතිලක මහතා පවසයි .

Read More

පාසල් විවෘතවීමෙන් පසුව ළමුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්නේදැයි රථවාහන පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

2015 මහා මැතිවරණය වෙලාවේදී විශාල බොරු චෝදනා නගමින් විවිධ සංවිධාන විවිධ රටවල් වලින් ලැබෙන ආධාර ඇතිව රජයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා එහි ප්‍රතිපලයක් ලෙස තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා එම ඡන්යෙන් පරාජයට පත්වුණේ.ඊට පස්සේ තමයි ඒ ඡන්ය වැරදි විදියට පාවිච්චි කරපු අය පසුතැවීමට ලක්වුන බව අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටි .

Read More

පුරාවස්තු සෙවීමේ අරමුණින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ බව කියන පුද්ගලයන් 04 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 01 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්. වාසල මහත්මිය ඊයේ (23) නියෝග කළාය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගීන් ගුවන් යානා 12ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගීන් 820 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ බෝම්බ තොගයක් සොයා නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුර පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පසුව තහවුරු වු හබරාදුව ප්‍රදේශයේ ඇගලුම් සේවිකාවගේ නිවසේ පැවති දානමය පිංකමට වැඩම කළ භික්ෂුන්වහන්සේලා 08 නමක් හා ඇයගේ පළමුපෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට(25) බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරෙයි. මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට(25) දිනයේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර සිටියේය.

Read More

දකුණු පළාතෙන් ඊයේ (23) දින නව කොරෝනා ආසාදිත රෝගින් 60 දෙනෙකු වාර්තා විමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2210 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙයෙහුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

’’මෙය බැරෑරුම් ලෙස සලකන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් තුන්වැනි රැල්ලක් වැළැක්වීම දුෂ්කරයි’’ යනුවෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසයි.

Read More

රුසියාව වෙත යළි පැමිණි විගස අත්අඩංගුවට පත් එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට සහාය පළ කරමින් පැවති විරෝධතා මැඬපැවැත්වීම සඳහා රුසියානු පොලීසිය 3,000කට අධික පිරිසක් රඳවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඉතාලිය වෙත ලැබීමට නියමිතව තිබූ ෆයිසර් එන්නත් ප්‍රමාද වීම සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවද අගමැතිවරයා කීවේය.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව, එක්සත් රාජධානිය දැනට පුද්ගලයන් 100,000කට වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවක් වාර්තා කරන ගෝලීය රටවල් ලැයිස්තුවේ මුලටම පැමිණ තිබේ.

Read More

කොවිඩ්-19 ට එරෙහිව සීනොවැක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් හදිසි භාවිතයට ගැනීමට ඇන්විසා අවසර දී ඇතත්, සිකුරාදා වන තෙක්ම දකුණු ඇමරිකානු රාජ්‍යයෙහි පැවතියේ කොරෝනාවැක් මාත්‍රාව පමණක් බවද කියයි.

Read More

චීලී රාජ්‍යයේ, දකුණු ෂෙට්ලන්ඩ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණ 7.0ක විශාලත්වයකින් යුත් භූ කම්පනයක් ග්‍රිනීච් වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

පසුගිය වසරේදී ඔහුගේ දරුවන් දෙදෙනෙකු සති කිහිපයක් ඇතුළත මිය යනවිට ලැරී කිංග්ට තවත් වේදනාවක් එක්කර තිබුණි. 65 හැවිරිදි ඇන්ඩි කිංග් හෘදයාබාධයකින් පෙළුණු අතර 52 හැවිරිදි දියණිය චියා කිංග් පෙනහළු පිළිකාවක් නිසා මිය ගියාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,118,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම පසුදිනම (28) ආරම්භ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

Read More

ඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුද දෙසින් ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත්වී ඇත.

Read More

ගල්කිස්සේ පදිංචි 69 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් හා රනාල පදිංචි අවුරුදු 82ක කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.