වත්මන් රජය ප්‍රකාශ කළ ආකාරයෙන් ඉන්ධනවලට පනවා ඇති අසාධාරණ බදු ඉවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ කුමන දිනකදීද යන්න දැනගැනීමට අවශ්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයේ 2023 (2024) නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (17දා) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්තවය නිසා අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නල ජලය භාවිත කරන ලෙස ජලසම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreමේ වන විට පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළඹෙන මැයි මස මැද දක්වා අඩු වැඩි වශයෙන් පවතින බවත් ඒ අනුව කුඩා ළමුන් සහ ගර්භිනී මව්වරුන් විජලනය ඇතුළු ආසාදිත තත්ත්ව වළක්වා ගැනීම සඳහා වැඩි දියර ප්‍රමාණයක් දෛනිකව පරිභෝජනය කළ යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (18දා) පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ.
Read More2025 වසරේ දී ශ්‍රි ලාංකිකයින් 2000ට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreපාන් ගෙඩියක මිල රුපියල් 10කින් අද 18 මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි .එහෙත් බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක් සිදු නොකරන බව ඒ මහතා කියා සිටී .
Read Moreසිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් ලක්‍ෂ 05කට ආසන්න මුදලක් බැංකු ගිණුමක තැන්පත් කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පෙලඹවීමෙන් ‘දූෂණය’ නමැති වරද කළ බවට හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහු ඇප මත මුදාහැරීමට අද (18දා) නියම කළේය.
Read Moreදිවයිනේ අනෙකුත් රෝහල්වල බෙහෙත් වර්ග 42 ක් පමණක් හිඟව තිබියදී මහනුවර ජාතික රෝහලේ බෙහෙත් වර්ග 94 ක් හිඟ වූයේ කෙසේ දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා රෝහල් බලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreරගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හිටපු අමාත්‍යවරයකුද වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක රාජපක්‍ෂ මහතාගේ ඇඟිලි සළකුණු වාර්තා කැඳවීමටද නියම කළේය.
Read Moreමන්නාරම රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට අතුරුදහන්ව ඇති බව රෝහලේ පාලන අධිකාරිය සදහන් කරයි.
Read Moreපාන් රාත්තලක මිල රු.10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබේ.
Read Moreරාජ්‍ය සේවකයන්ට මෑත ඉතිහාසයේ මෙතෙක් සිදු වූ වැඩිම වැටුප් වැඩි කිරීම වත්මන් ආණ්ඩුව මෙවර අයවැයෙන් සිදු කළ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
Read Moreගුරු සහ විදුහල්පති වැටුප් විශමතා ඉවත්කිරීමට අදාල ’’සුබෝධනී ’’ කමිටු වාර්ථාව මෙවර අය - වැය මගින් මගහරිමින් සහ ඒ් පිලිබඳ අවධානයක් යොමුකර නොමැති බැවින් ඒ් සම්බන්ධයෙන් වෘතීය සමිති සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
Read Moreවැඩ තහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් සිට හෝ වෙනත් හේතුවක් මත සක්‍රිය සේවයේ නොසිට නැවත සේවයේ පිහිටුවිමට/නැවත සක්‍රීය සේවයට එක්විමට නියමිත නිලධරයන් නැවත සේවයේ පිහිටුවිමට/නැවත සක්‍රිය සේවයට එක් කිරිමට පෙර පොලිස් රෝහලේදි මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් අණාවරණය කර ගැනිමට අදාළ පරීක්ෂණයකට පෙනි සිටි යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.
Read Moreඋත්සව සමයේදී වැඩි මිලට විකිණීම සඳහා සගවා තිබියදී අත්අඩංගුවට ගත් සහල් තොග අලෙවි කර අදාල මුදල් අධිකරණයේ තැන්පත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය පාරිභෝගික සේවා අධිකාරියට ඊයේ (17) නියෝග කළාය.
Read Moreකූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් ජපානය හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළක් 02/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreමාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා 2025 පෙබරවාරි 18 සිට 21 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.
Read Moreගාල්ල, මාතර, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමේ සමස්ත අයවැයේ විශේෂ දුර්වලකමක් වශයෙන් මා දැක්කේ 2025 වසරේ රජය ඉලක්ක කරන 5% ආර්ථික වර්ධනයි. මෙයින් පෙනී යන්නේ ලංකාවේ ශක්තිය නිවැරදිව අවබෝධ කර නොගත් බවක්. පසුගිය වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් අපට ලැබුණා. මෙවර අයවැයෙන් 8%ක හෝ 9%ක ආර්ථික වර්ධනයකට යායුතුව තිබුණත් එවැන්නක් පේන්න නැහැ.
Read Moreරාජ්‍ය සේවකයන් රුපියල් විසිදහසකින් වැටුප් වැඩි වීමක් ඉල්ලා සිටියදී අයවැය තුළින් රුපියල් පන්දහසක් ලබා දීමට කටයුතු කිරීම රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු සුන් කිරීමක් බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read More- ප්‍රීමා සහ සෙරන්ඩිබ් රු.10කින් මිල අඩු කරයි
Read Moreඅපනයන කෘෂි භෝග අපනයනය මගින් 2024 වසරේදී වාර්තාගත විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කාර්ය මණ්ඩල වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 11ක් ලබාදී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
Read Moreමෙරට පුරවැසියාට රජයේ රෝහලකින් අවම කාලයක දී ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීම මෙන් ම රෝගී තත්ත්ව පිළිබඳව පසුවිපරම විධිමත් ව සිදු කිරීම උදෙසා රෝගී දත්ත පරිගණක ගත කිරීමේ ව්‍යපෘතිය දිවයින පුරා පිහිටි සියලු ම රෝහල්වල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Read Moreයාල රක්ෂිතයේ කලාප (iii) සහ (iv) වල නිතර සැරිසරමින් සිටි සැන්ඩෝ නමින් හැඳින්වෙන දළ ඇතාගේ ඇට සැකිල්ල රක්ෂිතයේ වැලිආර ආයකපොල්ල ප්‍රදේශයේ තිබී (16) වෙනිදා වනජීවී නිලධාරීන්ට හමුවී ඇත.
Read Moreනොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම මේ වනවිට සක්‍රියව විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් ඒ අනුව උපරිම ධාරීතාවයෙන් විදුලිය නිෂ්පාදනය 17 අලුයම වන විට ආරම්භ වු බව විදුලි බල මංඩල උසස් නිළධාරීයකු පැවසිය.
Read Moreජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදරිපත් කළ අයවැයෙන් රාජ්‍ය සේවක අවම මූලික වැටුප රුපියල් 15750කින් වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළත් එහිදී සිදුවන අවම ශුද්ධ වැටුප් වැඩිවීම රුපියල් 8250කි.
Read Moreපසුගිය කාලයේ ඇති වූ මහා වර්ෂාපතනය හේතුවෙන් එළවළු නිෂ්පාදන වෙළදපලට ලැබීම අඩුවීම නිසා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
Read Moreයුද හමුදවේ මේජර් නිලයෙන් පහළ සාමාජිකයන්ගේ ගමන් බලපත්‍ර ඔවුන්ගේ රෙජිමේන්තු වෙත භාරදෙන ලෙස නියෝග කර ඇත්තේ හුදෙක්ම හමුදාවේ පරිපාලන කටයුතු පහසු කිරීමේ අපේක්ෂාවෙන් බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමෙවර අයවැයෙන් මධ්‍ය අධිවේගයේ අදියර දෙකක ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් බිලියන 115.3ක් අයවැයෙන් වෙන් කර තිබේ.
Read More