saravita-anim2

2025 ජුනි මස 15 වන ඉරිදා

2025 ජුනි මස 15 වන ඉරිදා

Latest News - timelapse 1018 hours ago

LATEST

ශිෂ්‍යත්ව විභාගයේ තීන්දු තීරණ තවදුරටත් පමා වෙයි

calendar_today 2024 ඔක් 25 - 11:06 remove_red_eye - 469  

5ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ විටවු බව කියනු ලබන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාදිකරණය නි්කර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු තොග මිල සීඝ්රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථා වෙළෙන්දෝ පෙන්වා දෙති.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අති විශාල ප්‍රමාණයක් වු පරණ යකඩ දේශීය කර්මාන්ත සඳහා ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පසුගිය ඔක්තෝබර් 21 වැනි දා කැබිනට් රැස්වීමේදී අනුමත වූ යෝජනාවක් අනුව මෙම තීරණය කර ඇත.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට (26දා) පැවැත් වේ.එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 14 වැනි දා සිදු කළ අතර මේ 20 වැනි දින වන විට සියලු ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර අවසන් කර තිබේ.

Read More

මෙරට තුළ වර්ෂයකට ගැබ්ගෙල පිළිකා රෝගීන් 800 – 1000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත්, ඒ අනුව එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත් (HPV) මාත්‍රා දෙක ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

යාපනය දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ඉදිරිපත්ව සිටි තරුණ අපෙක්ෂක්යෙකු හට ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23දා) දින මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය.

Read More

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටිකාලීන රැකියා (Seasonal Worker) ලබා දෙන බව පවසා, මුදල් වංචා කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

’’අපිව පාවිච්චි කරලා දේශපාලන දඩයම පටන් අරන් ඔන්න අපි රාජපක්ෂලව හිරේ දන්න ලෑස්ති කරල තියෙන්නෙ පැය 8 ක් ප්‍රශ්න කලා 10 ක් ප්‍රශ්න කලා කියලා. ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න ලෑස්ති වෙන්න එපා’’

Read More

පාස්කු ප්‍රහාරය දේශපාලනයට සම්බන්ධ කර නොගන්න ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

Read More

අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධියට සම්බන්ධ චීන ජාතිකයින් සිව්දෙනා චීන රජයට බාර දෙන්නැයි එම අපරාධයට අදාළව විමර්ශනය කිරමට පැමිණි චීන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම රජයෙන් ඉල්ලා ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (24) දැනුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්ැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම නොවැම්බර් 04 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීරණය කලේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ පෙත්සම කැඳවීණී.

Read More

ඊශ්‍රායල් ජාතිකයන් නැවතී සිටින මහනුවර සංචාරක හෝටල් වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

Read More

නව රජය බලයට පත්වීමෙන් පසුව පැවැත්වූ දෙවැනි ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

Read More

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ඉන්දීය විස්තාරා ගුවන් සේවයේ යානය තුළ බෝම්බ ඇති බවට ,ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවා ප්‍රධාන කාර්යාලයේ ටුවිටර් ගිණුම වෙත ලැබී තිබූ පණිවිඩයක් මත කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගුවන් යානය පූර්ණ හදිසි ගොඩ බැස්සවීමකට ( Full Emergency Landing ) 10/24 දින පස්වරුවේ ලක් කිරීමට පියවර ගෙන තිබුණි.

Read More

ලෙබනනයේ පවතින යුදමය තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් වෙමින් පවතින හෙයින් එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉතා සැලකිලිමත් වන බව ලෙබනනයේ පිිිිිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එදාමෙදාතුර ලංකාවේ බිහිවූ සක්‍රීයම සහ දක්ෂතම දේශපාලනඥයන්ගෙන් අයෙක් වූ ගාමිණී දිසානායක මහතා, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කර අදට (24දා) තිස් වසරක් සම්පූර්ණ වේ. මෙම ලිපිය ඔහුට ගෞරවයක් ලෙස ලිවීමට මම අදහස් කළෙමි.

Read More

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ භූ විද්‍යා අංශයට අයත්ව ලංකා බැංකුවේ මෙට්‍රොපොලිටන් ශාඛාවේ තැන්පත් කර ඇති මැණික් ගල් 271 ක වර්තමාන වටිනාකම තක්සේරු කිරීමට මේ දක්වා පියවර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

Read More

මෙරට ජනතාවට අවබෝදයෙන් බොරු කියමින් රාජපක්ෂවරු කෙරෙහි වැරදි චිත්‍රයක් මවා තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වන ලද බවට වන තොරතුර මත සිදු කළ පරීක්ෂණ මත මේ වන විට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු 10/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ මහා පරිමාණයෙන් හෙරෝයින් ජාවාරමේ නියුතු ’’ කැකුලී’’ නම් ජාවාරම් කාරිය අලෙවියට සන්තකයේ තබාගන යමින් සිටි රුපියල් තුන්ලක්ෂ පනස් දහසකට අධික වටිනා හෙරෝයින් මිලි ග්‍රෑම් 11000 ක් සමග දෙල්කඳ ප්‍රදේශයේදී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

ඊයේ සිට අද උදෑසන දක්වා නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම බොහෝ ප්‍රදේශවලට සැලකියයුතු වර්ශාපතනයක් ලැබී ඇති බැව්න් එම ගංගාව ආශ්‍රීතව පහත් බිම්වලට ඉදිරිපැය 48ක කාලය තුළ

Read More

මෙරට ආකර්ශනීයම සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මුලින්ම ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදි ඇත්තේ ඉන්දියාවෙන් බව වාර්තා වෙයි.

Read More

ජනපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් මැතිවරණය වෙනුවෙන් දරණ ලද වියදම් වාර්ථා අද දින (24) සිට ප්‍රසිද්ධ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ආරුගම්බේ ප්‍ර දේශයේදි විදේශීය ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් සිදුකිරිමට සැලසුම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගම්පොළ පානබොක්ක ප්‍රදේශයේ සුපිරි අවන්හලක් තුළදී රුපියල් 20000/= අල්ලස් මුදලක් ලබාගත් ගම්පොළ පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

Read More

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතය රඟදැක්වූ රොන් ඒලී ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , ශ්‍රී ලංකා ​පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

විශේෂයෙන්ම ඊශ්‍රායෙල් ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ලංකාවේදි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි තොරතුරු වාර්තා විමත් සමගින් ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිලයක්ම සිය ජාතිකයන් වෙනුවෙන් සංචාරක මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Read More

ට්‍රෝලර් යාත්‍රාවක් මගින් ජාවාරම් කිරීම සඳහා හෙරොයින් කිලෝ 146 ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිචෝදනා ලබා මීගමුව පළාත්බද මහාධිකරණයේ විභාගවන නඩුවක විත්තිකරුවන් 17 දෙනෙකු අතරින් වරද පිළිගත් ඉරාන ජාතිකයන් නවදෙනෙකුට සහ පාකිස්තානු ජාතිකයෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා අද (23දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.