"අම්මටයි තාත්තටයි වැඳලා තාත්තගෙන් දෙපාරක් හාදු අරගෙන ඉස්කෝලෙට ගිය දුව මේ විදිහට පෙට්ටියකින් එයි කියලා කවුද හිතුවේ, මේ වගේ දුකක් අම්මා කෙනෙකුට ඉවසන්න පුළුවන්ද ."
"කිසිම ලෙඩක් දුකක් නැතිව හොඳට ඉගෙන ගන්න පුළුවන් දක්ෂ දරුවට මොකද වුනේ දෙයියනේ, මගේ රෝස මල මේ විදිහට පර වුණේ ඇයි දෙවියනේ."
මෙවැනි වදන් කියමින් 02 දින රාත්‍රියේ හඬා වැටෙන්නට වූයේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ හය වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී හදිසියේම මියැදෙන්නට වූ කෞෂි රස්මිකා අබේරත්න එකොළොස් හැවිරිදි දියණියගේ දේහය නිවසට ගෙන එන අවස්ථාවේදී ඇයගේ මව වූ රුවනි කාංචනා මහත්මියයි
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ හය වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි කෞෂි රස්මිකා දියණිය පසුගිය සිකුරාදා සුපුරුදු පරිදි පාසැලට ගොස් පාසල නිමවී නැවතත් නිවසට පැමිණීම සඳහා පාසල ඉදිරිපිට නවතා තිබූ බස් රථය අසලට පැමිණෙද්දී ක්ලාන්තය හැදී බස් රථයේ සේවකයන් ඇයව කැකිරාව රෝහලට රැගෙන ගොස් තිබේ
එහිදී විනාඩි කිහිපයක් ගතවෙද්දී මෙම පුංචි දියණිය ජීවිතක්ෂයට පත් වූ බව සහ පියා කියයි. මුළු පාසලම මෙන්ම ගුරුවරුන්ද අදහා ගැනීමට නොහැකිව රෝහල පිරෙන්නට වූ අතරින් පසුව ඇයගේ දේහය අනුරාධපුර මහ රෝහලට රැගෙන යන්නට වූයේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සදහාය.
අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍යය නිලධාරිවරයා මරණ පරීක්ෂණය පැවැත්වුවද මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබේ, ඒ අනුව සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා මරණයට හේතුවක් සොයා ගැනීමට තීරණය කොට විවෘත තීන්දුවක් ලබාදෙමින් 02 දින පස්වරුවේ දියණියගේ දේහය භාරකරුවන්ට ලබා දී තිබිණි
මෙසේ අවාසනාවන්ත ආකාරයට මියගියේ සීගිරිය පව්ව පෙනෙන මානයේ තල්කොටේ නැමති ගම්මානයේ පදිංචිව සිටි කෞෂි රස්මිකා දියණියයි, ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ සීගිරි පව්ව ඉදිරිපිට පිහිටි සීගිරිය මධ්‍යම හා විද්‍යාලයෙනි, පහ වසර ශිෂ්‍යත්වය දක්වා එහි අධ්‍යාපනය ලැබූ ඇය ලකුණු එකසිය පනස් තුනක් ලබාගෙන හය වසර පංතිය ඉගෙනුම් සඳහා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළ බව දියණියගේ මව රුවනි කාංචනා පැවසුවාය
ඇයගේ නිසල දේහය 02 දින රාත්‍රියේ ඇය පාසල් ගිය. සීගිරිය පව්ව පෙනෙන මානයේ මාර්ගය දිගේ මල් ශාලාවේ රථයකින් නිවසට රැගෙන එද්දී විශාල පිරිසක් නිවසේ රැඳී සිට මුළු සීගිරිය ප්‍රදේශයේම කම්පාවට පත් කරමින් හඬා වැලපෙන්නට වූහ.
දියණියගේ මව කාංචනා සඳහන් කළේ දියණිය අධ්‍යාපනය සඳහා දක්ෂතා ඇති දියණියක් බවය. ඇයගේ එකම සිහිනය බවට පත් වූයේ කැකිරාව මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත් වීම බවය
කෙසේ වෙතත් දෙමළ. ඉ ංග්‍රීසි, සිංහල, සහ ගණිතය විෂයන් වලට මහත් දක්ෂතා දැක්වූ ඇය ශිෂ්‍යත්ව අමතර තරග විභාගවලින් ලැබූ ජයග්රහණයන් පෙන්වමින් ඇය හඬා වැටෙන්නට වූවාය
තම දියණිය උදෑසනක් සීගිරියේ සිට පාසල් බස් රථයෙන් කැකිරාව මහ විද්‍යාලයට ගමන් කරන බවත් උදෑසන යන විට මවගේ සහ පියාගේ මෙන්ම ඇය වඩාත් ආදරය කළ සීයාගේ දෙපා වැඳු මුහුණ සිඹි යන බවත් තම පියාගේ මුහුණ දේවතාවක් සිප ගැනීම ඇයගේ පුරුද්දක් බව මව හඬා වැටෙමින් පැවසුවාය.
මියගි කෞෂි රශ්මිකා දියණියගේ පියාණන් සුමිත් ඉන්දික හාඬා වැටෙමින් සඳහන් කළේ තම දියණියට සිදුවූ දේ තමන්ට අදහා ගැනීමටවත් නොහැකි බවය . බස් රථයේ රියදුරු තමාට දුරකථන ඇමතුමක් ලබා දී තම දියණිය ක්ලාන්තය දා වැටුනු බවත් පසුව කඩිනමින් රෝහල්ලට රැගෙන යන බව සඳහන් කළේ යැයි ඔහු කීවේය
එහෙත් දියණියට එතරම් අමාරුවක් නැති බව සඳහන් කළ බවද කිවේය . කෙසේ වෙතත් අවසානයේදී මේ අවාසනාවන්ත සිදුවීම තමන්ට තවමත් අදහා ගැනීමට නොහැකි බව ඔහු සඳහන් කළේය
මරණයට හේතුව වෛද්‍යවරුන් විවෘත තීන්දුවක් ලබා දුන් බවද ඔහු සඳහන් කළේය
ප්‍රදේශවාසීන් මෙන්ම පවුලේ අයද දැඩි සංවේගයට පත්වෙමින් දැරියගේ ජීවන රටාවන් පිළිබඳව ඇති සොඳුරු පුංචි මතකයේ ආවර්ජනය කරමින් දුක් වෙන්නට වූහ
ශිෂ්‍යත්ව විභාගයට අධ්‍යාපනය ලබා දුන් ගුරුතුමිය නිවසට පැමිණ ඇයගේ නිහතමානීකම පිළිබඳව සඳහන් කළාය , කිරාව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයද කෞෂි ගේ දේහය නිවසට ගෙන ඒමටත් පෙර සිටම නිවසේ රැඳී සිටිමින් ඇය පාසලේ ගත කළ අයුරු සඳහන් කරමින් දෙමාපියන් සමඟ ප්‍රදේශවාසීන් සමඟ දුක බෙදාගන්නා අයුරුද අපට දැක ගැනීමට හැකි විය.

