වී වගා කරන කන්න දෙක අතර මුං වගා කිරීම ගොවි මහතුන්ට ඉතා ලාභදායී ක්‍රමයක් වන බවත් ඒ හරහා කුඹුරේ අමතර තෙතමනය හා ඉතිරි වන පොහොර ප්‍රයෝජනයට ගෙන වගාව සිදු කර ගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
"පුනරුදයට අරුණලු" අතරමැදි කන්නයේ මුං වගා කිරීමේ ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භක උළෙලට බදගිරිය කෑලියවැලානේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“මුං රනිල බෝගයක් නිසා බෝග අවශේෂ තුලින් පසේ කාබනික හා නයිට්රජන් ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. එම නිසාම ඊළග වී වගා කන්නයේ අස්වැන්න වැඩි වෙනවා. වැඩි අස්වැන්නක් ලබා දෙන බෝග ප්රභේදයන් මෙහි වගා කරනයා. බීජ සිටුවා දින 55-60 ත් අතර කාලයේදී අස්වැන්න නෙලා ගත හැකි වනවා සේම මෙය ගොවි ජනතාවට ඉතා යහපත් වැඩසටහනක්” යැයි අමාත්‍යවරයා පැවැසීය.
දීප ව්‍යාප්තව පවත්වාගෙන යාමට අදහස් කරන මෙම වැඩසටහන සදහා එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය වරයා පෙන්වා දුන් අතර ගොවි ජනතාව තම රජය පත් කර ගත්තේ ඉතා විශ්වාසයෙන් බවත් කිසිදු ලෙසක එම විශ්වාසය කඩ නොකොට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය ඒ සදහා තව කෙටි කාලයක් ඉවසා සිටිය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.