අම්බලන්තොට හුංගම පොලිස් වසමේ , පිංගම ප්‍රදේශයේ 02 දා පස්වරු 03ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දිසානායක මුදියන්සේලාගේ දිනේෂ් කැලුම් කුමාර නමැති වයස අවුරුදු 32ක පමණ එක්දරු පියෙකු වේ.
මියගිය පුද්ගලයාගේ බිරිද විදේශ ගතව ඇති අතර මේ මස 10 වනදා තම දියණියගේ මල්වර වීමේ උත්සවය සම්බන්ධයෙන් වෙඩි තැබීම සිදුවූ වෙළඳ ස්ථානයේ හිමුකරුට ආරාධනා කිරීමට හා භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් ගිය අවස්ථාවේ තම පුතාට මේ ආකාරයෙන් වෙඩි තබා ඇතිබව මියගිය අයගේ පියා වන දිසානායක මුදියන්සේලාගේ මහින්ද මහතා කියා සිටියේය.
කෙසේ නමුත් පුද්ගලික ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය සනදහන් කරයි. එමෙන්ම බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේන බවත් පසුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී ඇතිබවද පොලිසිය පවසා සිටියේය.
මේ සම්බන්දැන් වැඩිදුර විමරශන කටයුතු තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත හුංගම පොලීසිය සිදුකරයි.
