දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පදවාගෙන ගිය නිළ කැබ් රථය පසුගිය 02 වනදා උදැසන වරකාගොඩ පොලිස් වසමේ ඉහල කරන්නාගොඩ ප්‍රදේශයේදී අනතුරකට භාජනය වී ඇති බව වරකාගොඩ පොලිසිය පැවසීය.
දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න මහතා පසුගිය 02 වනදා උදැසන කිසියම් කටයුත්තක් සඳහා තම බල ප්‍රදේශයෙන් පිට වරකාගොඩ දෙස සිට ගෝවින්න දෙසට දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව සතු නිළ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී කරන්නාගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි වංගුවේදී ඉදිරිපසින් පැමිණි වැලිලොරියක වැදී කැබ් රථය පාරෙන් ඉවතට පැන කාණුවට වැටී මෙම අනතුර සිදුවී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එම කැබ් රථය පදවා ඇත්තේ සභාපතිවරයා බවට මුලික පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී ඇත.
අනතුරෙන් සභාපතිවරයාට හානියක් සිදුවී නොමැති අතර කැබ් රථයේ වම්පස ඉදිරි කොටස සහ ලොරි රථයේ වැදුණු බඳ ප්‍රදේශය ට හානි සිදුවී ඇත.වරකාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මතුගම බන්දු තඹවිට


