තම භාර්යාව සහ වැඩිමහල් දියණිය ඝාතනය කොට සියදිවි නසාගත් යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත යන අය ඔහුට බලපෑම කළා යැයි කියන ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාගෙන නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී තිබේ.
සියදිවි නසාගත් චම්පික නිලන්ත යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි සමයේදී ඔහු විසින් බ්‍රෝකර් වරයෙකු වශයෙන් කටයුතුකරමින් අදාල ව්‍යාපාරිකයාට රුපියල් කෝටි දෙකකට යටිනුවර ප්‍රදේශයේ නිවසක් අලෙවි කොට ඇති අතර එම නිවස අදාළ ව්‍යාපාරිකයා විසින් පසුව අලෙවි කිරීමට යාමේදී එහි සැලසුම ප්‍රාදේශීය සභාවේ අනුමත වී නොමැති එබැවින් එය අලෙවි කිරීමට ගැටලු මතුව තිබේ.
එම අවස්ථාවේදී චම්පික නිලන්ත යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ඔහුගේ බලතල පාවිච්චි කරමින් එම දේපොළට ව්‍යාජ සැලසුමක් සකස් කොට දී තිබේ.
එම කූඨ ලේඛනය අදාළ ව්‍යාපාරිකයා විසින් චම්පික නිලන්තට පෙන්වමින් දැන් ඇත්තේ පසුගිය ආණ්ඩු නොව වෙන ආණ්ඩුවක් බව පවසමින් ඔහු බිය ගන්වා ලක්ෂ 50 ක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම කූඨ ලේඛනය සම්බන්ධයෙන් පොලිසියේ ඔහු දන්නා හඳුනන ඉහළ පොලිස් නිලධාරීන් ලවා ඔහුට තර්ජනය කොට ඇති බවද සඳහන්වේ.
එසේම මහනුවර කොට්ඨාශයේ ඉහල පොලිස් නිලධාරියෙකුට දීමට යැයි පවසමින් රුපියල් ලක්ෂ පහක මුදලක් චම්පික නිලන්ත යන අයගෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන සිදුකෙරේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති වරයාගේ උපදෙස් පරිදි කොළඹ පොලිස් මූලස්ථානයෙන් මහනුවරට එවන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්ද මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටසේ තවත් පොලිස් කණ්ඩායමක් විසින්ද විමර්ශන සිදු කරමින් පවතී.