පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 67 දෙනෙකු (22) දා ලැබුණු ප්‍රතිඵල වලින් සොයා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
පොල්ගහවෙල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් 199 දෙනෙකුගේන් පසුගිය (19) දා සිදු කළ පී.සී .අර් පරීක්ෂණ මගින් 50 දෙනකුත් රෝග ලක්ෂණ තිබූ පුද්ගලයන් විසින් පිටතින් කළ පී.සී.ආර් හා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා මගින් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් මේ වන විට ප්‍රදේශයේ පුද්ගලයින් 1500 නිරෝධායනය වන බවත් පසුගිය අප්‍රේල් 17 වැනි දා සිට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 345 ක් පමණ පොල්ගහවෙල සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පැවසීය.
අලව්ව අධිකාරි මුදියන්සේ