ආයෝජන මණ්ඩලයෙන් කර්මාන්තශාලා හිමියන්ට දැනුවත් කිරිමක්
පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.
එහි සභාපති සංජය මොහොට්ටාල මහතා සඳහන් කර සිටියේ, සියලු කර්මාන්තශාලා පරිපාලනයන්ට ඒ බව දැනුම්දෙන බවය.
සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය හා නිෂ්පාදන හා අපනයන ක්‍රියාවලියේ අනාගත යහපැවැත්ම පිළිබඳව මෙම අවදානම් අවස්ථාවේ ගැඹුරින් සිතා බැලිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරීම ආරම්භ වීමත් සමඟ රෝගීන්ගේ වර්ධනයක්, ඇතැම් කර්මාන්තශාලා තුළින් පෙන්නුම් කරන බවත්, එහෙත් මනා පාලනයකින් යුතුව බොහෝ කර්මාන්තශාලා ඉතාමත් ප්‍රශංසනීය අයුරින් පවත්වාගෙන යන බවත් ඒ මහතා පවසයි.
කම්හල තුළදී පමණක් නොව ප්‍රවාහනයේ දී, නිවසේ දී හා අනෙකුත් සෑම ස්ථානයකදීම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එම උවදුරින් මිදීමට සියලුදෙනා කටයුතු කරණු ඇතැයිද තමා අපේක්ෂා කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
-
සාගර Saturday, 22 May 2021 08:47 AM
ඒ කාලකණ්නි යො ඇන්ටි ආච්චි කියන්නේ වයසට ගියාම තමයි ඇයි උඹට කොහොමද උඹේ ගෑනි පේන්නේ දහ අටේ කෙල්ල වගේම ගොන් වහන්සේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

