වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට ළංවෙත්ම විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙන බවත් ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැය තුළින් රට බංකොලොත් වී ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අයවැය සඳහා අවශ්‍ය නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BUNG TOMO - 357’ යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 16) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීම සිදු කෙරිණි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය මඟින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ඉඳිකිරීමට නියමිත හෘද රෝග ප්‍රතිකාර ඒකකයට මුල්ගල තැබීම (16) දා පෙරවරුවේ සිදුකෙරිණි.
Read Moreරජයේ ප්‍රධාන වතු සමාගම් තුනක් වසර 25 ක් තිස්සේ සේවකයින්ගෙන් අය කර ගත් අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ හිඟය රුපියල් කෝටි 500 ඉක්මවන බැවින් එම මුදල් ගෙවීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන් කරන ලෙස ලංකා වතු සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඇති කොලොනොස්කොපි යන්ත්‍ර දෙකම හා එන්ඩොස්කොපි පරික්ෂණ සිදු කරන ERCP යන්ත්‍ර 4න් 3ක් කැඩි යෑම නිසා රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreනාවික හමුදා මුලස්ථානයේ විනයාරක්ෂක විශේෂ විමර්ශණ ඒකකය විසින් කුලියාපිටිය පොලිසියේ සහය ඇතිව, කුලියාපිටිය කොස්හේන ප්‍රදේශයේදී, නාවික හමුදා සෙබලෙකුගේ නිවසේ සඟවා තිබු, 2021 වර්ෂයේදී ශ්‍රීලංනානෞ රංගල ආයතනයේ අවිගබඩාවෙන් අස්ථානගත වු ටි - 56 වර්ගයේ ගිනි අවිය සමඟ එම නාවිකයා අත්අඩංගුවට ගන්නා ලදි.
Read Moreශ්‍රී ලංකා රජයට හිමි විය යුතු තීරු බදු නොගෙවා රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදු කරමින් මෙරටට වාහන අමතර කොටස් රැගෙන එන මුවාවෙන් ආනයනය කළ රුපියල් කෝටියකට ආසන්න විදෙස් රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 90ක් නුගේගොඩ, විජයරාම ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයක සඟවා තිබියදී සැකකරුවකු සමග (15) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි .
Read Moreවත්මන් ආණ්ඩුව ගැන කීමට වරදක් නොමැති බව හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.
Read More2025 අයවැය අවසන් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (16දා) ඉදිරිපත් කර තිබේ.
Read Moreපෞද්ගලික මෝල් හිමියන් ගොවියන්ගෙන් වැඩි මිලකට වී මිලදී ගත්තද හාල් මිල තීරණය කිරීමේ බල අධිකාරිය රජය යටතේ තබා ගන්නා බවත් පාරිභෝගික සේවා අධිකාරිය තවත් ශක්තිමත් කොට වැඩි මිලට හාල් අලෙවි කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
Read More2024/25 මෙම මාස් කන්නයේදී රජයේ සහතික මිලට ප්‍රමිතියෙන් යුතු වී අස්වනු මිලදී ගැනීම සඳහා සිය බල ප්‍රදේශයට අයත් කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වී ගබඩා 5ක්, ගම්පහ දිස්ත්‍රීක්යේ ගබඩා 1ක්, මාතලේ දිස්ත්‍රීක්කයේ ගබඩා 1ක් සහ පුත්තලම දිස්ත්‍රීක්කයේ ගබඩා 4ක් මේ වනවිට විවෘතකර ඇති බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාපය බාර වැඩ බලන ප්‍රාදේශීය කළමනාකරු ජී.එස්. ධර්මකීර්ති මහතා පැවසීය.
Read More2025 වසරේ ජනවාරි 01 දින සිට පෙබරවාරි 14 දින දක්වා කාලය තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 370000 ඉක්මවා ගොස් ඇත. පෙබරවාරි දෙසතිය තුළ පමණක් 115 043 දෙනෙක් පැමිණ සිටි.
Read Moreලංකාවේ විවිධ අපරාධ ගණනාවක් සිදුකර විදෙස් රටකට පැන ගොස් සිටි සැකකරුවෙක් එම රටේදි අත්අඩංගුවට පත්ව නැවත ලංකාවට පිටුවහල් කිරිමේදි කටුනායක ගුවන් තොටුපොළේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ දිනවල දහවල් කාලයේ පවතින දැඩි හිරු රශ්මිය මිනිස් සිරුරට අහිතකර බැවින් ජනතාව ඒ පිළිබඳව දැඩි සැළකිල්ලකින් සිටිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
Read Moreවැල්ලව පොලිස් වසමේ වාසල එපාර්ට්මන්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට 12/24 දින රාත්‍රි කාලයේදි ටි. 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා වැල්ලව පොලිසිය හා කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් සිදු කරමින් පවති.
Read Moreජාතික ජන බලවේගයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොඩ් ෆයිසාල් මහතා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වත්ත පොලිස් වසමේ හාල්දඩුවන ප්‍රදේශයෙදි මාරක අනතුරකට ලක්විමේන් මාර්ගයෙ ගමන් කරමින් සිටි යතුරු පැදි කරුවෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව කොස්වත්ත පොලිසිය පවසයි.
Read More• අයවැය විවාදය පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා දින 26 ක් පැවැත්වෙයි • දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා • කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට
Read Moreඅවුරුදු ඉක්මවූ වැඩිහිටියන් වෙනුවෙන් මාසිකව ගෙවනු ලබන රු. 3000ක් වූ වැඩිහිටි දිමනාව එළැමෙන 20 දා සිට ගෙවීම් සිදුකරන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලය සතුව ඇති භාවිතා කරන ලද මෝටර් රථ 13 ක් විකිණීමට මිල ගණන් කැඳවයි.
Read More2025 ශූරයන්ගේ කුසලානයේ ජයග්රාහකයින්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.24ක ත්‍යාග මුදලක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.එහි අනුශූරයන්ට ඇමෙරිකානු ඩොලර් මිලයන 1.12ක ත්‍යාග මුදලක් හිමිවෙනු ඇත. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකට ඩොලර් 560,000 බැගින් ප්රදානය කෙරේ. මෙවර තරගාවලියදෙි බෙදා දිමට නියමිත මුව මුදල ඩොලර් මිලියන 6.9 ක් වන අතර එය 2017 දී ලබාදුන් ත්‍යාග මුදල හා සැසදිමේදි 53% ක වැඩිවීමකි.
Read Moreපළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි විය.
Read Moreඑක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ ඔස්ට්‍රේලියා කණ්ඩායමකට එරෙහිව ශ්‍රි ලංකා කණ්ඩායමක් එක්දින තරගවලදි ලැබූ දැවැන්තම ජය වාර්තා කිරිමට අද සමත්විය.
Read Moreවිවිධ වෛද්‍ය ක්රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් එකම රෝහලක දී ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටත්, එම වැඩපිළිවෙළ පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලෙන් ආරම්භ කිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සැලසුම්.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නිති විද්‍යාලයේ පැවැති විභාගයක් සඳහා නිතිඥයින් දෙදෙනෙකුග් සහාය සහිතව පොනි සිටිමින් නිති උපාධිය නිති විරෝධී අකාරයෙන් ලබා ගෙන ඇත ිබවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමැති සංවිධානය විසින් අපරාධ පරික්පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
Read Moreබෙන්තොට ප්‍රදේශයේ මහා විද්‍යාලයක ගුරුවරයෙකුට ආදි සිසුන් කිහිප දෙනෙකු විසින් පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන අද දින එම විදුහලේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති හැර පනහක පමණ පිරිසකගෙන් යුත් ගුරු මණ්ඩලය නිවාඩු ලබා සේවයට පැමිණ නැති බව එම විදුහල් ආරංචි මාර්ග පවසයි
Read Moreනොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වේ.
Read Moreඅද (14දා) පාසල් හා උපකාරක පංති නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂයක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනක් සහිතව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය අසත්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. මෙම අසත්‍ය ලිපිය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරිමෙන් වළකින ලෙසද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreනොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද අලුයම වන විට ආරම්භ කල බව විදුලි බල මණ්ඩලයෙ ඉහල නිළධාරීයකු පැවසිය.
Read Moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචි නිල නිවස ආසන්නයේ ආරක්ෂකයින් නැවති සිටි ගොඩනැගිල්ලක ජල සැපයුම විසන්ධි කළ බවත් හිටපු ජනපතිගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බවත් ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඇල්ල රොක් කන්ද වන රක්ෂිතයේ අද (13) පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ගොස් පවතින දැඩි සුලං සමග ගින්න තවදුරටත් පැතිර යමින් පවතින හෙයින් ගින්න නිවා දැමීමට අපහසු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
Read More