චීන-ඇමරිකානු සබඳතාවලදී "වැදගත්ම ගැටලුව" ලෙස තායිවානය හැඳින්විය හැකි බව චීන ජනපති ෂී ජින්පින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් හා පැවැති දුරකතන සංවාදයකදී පවසා තිබේ. මෙම දුරකතන සංවාදය බදාදා පවත්වා තිබේ.
මෙහිදී තවදුරටත් අදහස් දක්වා ඇති චීන ජනපතිවරයා පවසා ඇත්තේ තායිවානයට ඇමෙරිකාව ආයුධ සැපයීමේදී "විචක්ෂණශීලී" වන ලෙස සඳහන් කර තිබේ.
වොෂින්ටනය සමඟ සබඳතාවලට "ඉතා වැදගත්කමක්" ලබා දෙන බවත්, දෙපාර්ශ්වයම ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගැනීමට මාර්ග සොයා ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් චීන ජනපතිවරයා පවසා තිබේ.
මෙම දුරකතන ඇමතුම සම්බන්ධයේන අදහස් දක්වා ඇති ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ එම සාකච්ඡාව "විශිෂ්ට" සහ "දිගු හා ගැඹුරු" ඇමතුමක් ලෙසයි.
ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය සමඟ සබඳතා නැවත ස්ථාපිත කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් රාජධානියේ කෙයර් ස්ටාර්මර් ඇතුළු බටහිර නායකයින් මෑත මාසවලදී චීනයට කළ සංචාර රාශියකින් පසුව බදාදා මෙම ඇමතුම සිදුව තිබේ.
