ඊශ්රායල් රැකියා අපේක්ෂකයන්ට සුබ ආරංචියක්
ඊශ්රායල් රැකියා සදහා අයදුම් කිරීමට මෙතෙක් ලබාදී තිබූ උපරිම අවස්ථා 2 වෙනුවට එය අවස්ථා 3ක් දක්වා වැඩිකර ඇති අතර ඒ අනුව, සියලු රැකියා අපේක්ෂකයන්ට අවස්ථා 3 දක්වා අයදුම්කිරිමට හැකියාව ලැබී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.
මීට පෙර ඊශ්රායල් රැකියා අවස්ථා සදහා එක් අපේක්ෂකයෙකුට අයදුම් කල හැකි අවස්ථා ප්රමාණය 2කට පමණක් සීමාකර තිබුණි.රැකියා අපේක්ෂකයින්ගෙන් ලද ඉල්ලීම් කාර්යංශය විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව කාර්යංශය සදහන් කරයි.
මේ අතර හෙට දිනයේදි (02/06) ඊශ්රායලයේ තවත් රැකියා අවස්තා කිහිපයක් සදහා මාර්ගගතව අයදුම්කිරීමට අවස්ථා සදහා වෙබ් අඩවිය විවෘත කරන බව ද කාර්යංශය සදහන් කරයි. කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk ඔස්සේ ඊට අයදුම් කල හැක. ඒ අනුව ඉදිකිරිම් ක්ෂේත්රෙය් කම්බි නැමිම, කපරාරු, ෂටරින් වඩු කාර්මික, සෙරමික් ටයිල් වැඩ මෙන්ම, ප්රතසංස්කරණ ක්ෂේත්රෙය් පොදු වැඩ, සදහා අයදුම් කිරිමට වෙබ් අඩවිය විවෘත වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

