දකුණේ ගුරු පුරප්පාඩු 2834ක්
දකුණු පළාත් සභාවට අයත් පාසල්වල ගුරුවරුන්ගේ පුරප්පාඩු 2834ක් පවතින බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.කේ.ආර්.පතිරණ මහතා පවසයි. මෙකි ගුරු පුරප්පාඩු වලින් 1417 දෙනෙකු මෙම වර්ෂය තුල බදවා ගැනිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි.අන්තර් පළාත් මාරුවිම්, විශ්රමගොස් ඇති ගුරුවරුන්ගේ මෙන්ම විෂයයන් අනුව පුරප්පාඩුවි ඇති ගුරුවරුන්ගේ තොරතුරු මේ දිනවල කළාප අධ්‍යක්ෂකවරුන් මගින් ලබා ගනිමින් පවතින බවද පළාත් අධ්‍යාපන ලේකම් වරයා පවසයි.
දැනට රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරින් සදහා වෙනම විභාගයකින් සහ අනිකුත් උපාධිධාරින් සදහා විවෘත තරග විභාගයකින් ගුරුවරුන් බදවා ගැනිම සදහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිරියේ කටයුතු කරණු ඇති බවද හෙතෙම පෙන්වාදෙයි.
ගුරුවිභාගයෙන් සමත්වන අයගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශය මගින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමුකිරිමෙන් පසු පළාත් සභාව විසින් සම්මුඛ පරික්ෂණ පවත්වා ඔවුන් පාසල්වලට අනුයුක්ත කිරිමට කටයුතු කරණ බව සදහන් කළ පළාත් අධ්‍යාපන ලේකම්වරයා අධ්‍යාපනවේදි උපාධිධාරින් තරගවිභාගයකින් තොරව සෘජුවම ගුරු වෘත්තියට බදවා ගන්නා බවද හෙතෙම වැඩිදුරටත්සදහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

