අක්මීමන පොලිස් වසමේ පනාගමුව ප්රදේශයේදී ඊයේ සවස පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණ ගාල්ල දෙසට ධාවනය වූ කාර් රථයක් ප්රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු හා පසුපැදිකරුවෙකු මියගොස් ඇත. මරණකරුවන් අවුරුදු 16 හා 36 වයස්වල පසුවන වලහන්දූව ප්රදේශයේ පදිංචි එකම පවුලේ පියා හා පුත්රයා වේ. අනතුරට අදාල කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අක්මීමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.