ඌවේ ජේෂ්ඨ මාධ්‍යවේදී සෝමරත්න දිවි සැරිය නිම කරයි
ඌව පළාතේ ජේෂ්ඨතම මාධ්‍යවේදියා වන දෙමෝදර ආර්.එම් සෝමරත්න (84) මහතා (04) වෙනිදා අභාවප්‍රාප්ත විය.1943/04/13 වෙනි දින උපත ලැබූ හෙතෙම 1963 වර්ෂයේදී ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට එක්වී පසු කාලීනව දම්බරාව විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස කටයතු කළේය.
ශ්‍රී ලංකා පොලිස් උප සේවයේ පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස කටයුතු කළ හෙතෙම ඌව පළාතේ ප්‍රථම මහ ඇමති පර්සි සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසත් ඉන්පසුව ඌව පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබිණි.
70 දශකයේ ලේක් හවුස් ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්රයට එක්වී අනතුරුව දිවයින බදුල්ල වාර්තාකරු ලෙසද කටයුතු කර ඇත.
පුවත්පත් අලෙවි නියෝජිතයෙකු සහ දැන්වීම් ඒජන්සිකරුවෙකු ලෙසද ඔහු බදුල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගියේය.
නැසී ගිය ගුරුවරියක වූ සුනන්දා බස්නායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ හෙතෙම තිදරු පියෙකි. මෘත දේහය දැනට දෙමෝදර කොටුවල ගෙදර මහගල අසල නිවසේ තැන්පත් කර තිබේ.අවසන් කටයුතු (05) වෙනිදා දෙමෝදර පොදු සුසාන භූමියේදී ප.ව 3.00 සිදුකෙරේ.
මොනරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

