අවිස්සාවේල්ල පොලිස් වසමේ පුවක්පිටිය ප්රදේශයේ පිහිණුම් තටාකයක ගිලී ඊයේ (04දා) පුද්ගලයෙකු මියගොස් ඇති බවට අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 52 ක් වූ මාලඹේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා අවිස්සාවේල්ල ප්රදේශයට ගොස් හෝටලයක පිහිණුම් තටාකයක දිය නාමින් සිටියදී දියේ ගිලී ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අවිස්සාවේල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.