රුධිර කැටි ගැසීමේ බිය නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම තාවකාලිකව නවතා තිබූ ෆින්ලන්තය සහ අයිස්ලන්තය තම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළිත් එන්නත් ලබාදීම අරඹා ඇති බව නිවේදනය කරයි.
මේ අතර චීනය විසින් උස්බෙකිස්තානයට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියනයක් මාර්තු 27දා ලබාදෙන බව එරට රජය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
Read Moreඅද (25) දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජිනීවා යෝජනාව සම්මත වූ පමණිනින් ලංකාවට කිසිවක් නොවන බව මහාචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.
Read More’’වඩාත් පොදු රුධිර කැටි ගැසීමේ ආබාධ හෝ ත්‍රොම්බොටික් සංකූලතා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත අතර කිසිදු සම්බන්ධයක් නියත වශයෙන්ම නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති දෙය නම්, මෙම එන්නතෙහි ප්‍රතිලාභ පැහැදිලිවම අවදානම් ඉක්මවා යන බවයි.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් අවධාරණය කරයි.
Read Moreඋතුරු කොරියාව පසුගියදා කෙටිදුර මිසයිල අත්හදා බැලීමකින් පසුව මෙම බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති අතර, ඒවා කෙටි, මධ්‍යම හෝ දිගු දුර අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) දැයි තවමත් නිශ්චිතව කිව නොහැකි බව එක්සත් ජනපද ආරක්ෂක අංශ පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 554ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඑක්සත් ජනපදය තුළ තහවුරු කරන ලද කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 545,000ක් ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 124,680,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreසිය මංගල ටෙස්ට් තරගයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතකයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙසත් විදේශයකදී එම දක්ෂතාව දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසත් පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය.
Read Moreදීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 121ක් වාර්තා වී තිබේ. පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 118ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 03ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreතාක්ෂණික දෝෂයක් මත අක්‍රීයව තිබූ කැළණිතිස්ස ද්විත්ව චක්‍රීය විදුලි බලාගාරය, මේ වනවිට යතා තත්ත්වයට පත්කර පරීක්ෂණ මට්ටමේ පවතින අතර අප්‍රේල් 04 දින නැවතත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත බවත්, ලංකා විදුලිබල මණ්ඩල සභාපති විජිත හේරත් මහතා අවධාරණය කරයි.
Read More2018 සහ 2019 වර්ෂවල ලබා ඇති මුලු අලෙවිය සාපේක්ෂව 2020 වසරේ අලෙවිය අඩු වීම සම්බන්ධව මෙහිදී කමිටුවේ අවධානය යොමුවූ අතර මෙහිදී අනාවරණය වූයේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී ගැනුම්කරුවෙකුට අලෙවිකළ මෙම ඉල්මනයිට් ඛනිජවැලි මෙට්රික් ටොන් 85,000ක ප්‍රමාණය පුල්මුඩේ නිධියේ ගබඩාකර තිබීම නිසා ආයතනයට තවදුරටත් ඛනිජවැලි ගබඩා කිරීමට ඉඩපහසුකම් අවම වීමෙන් පාඩුවක් සිදුවන බවයි.
Read Moreඅද (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 106 දෙනෙක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඩුබායි හි මිය ගිය බවට සඳහන් කරමින් වෙනත් නමකින් මෙරටට එවා තිබූ මළ සිරුර සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කෙසෙල් වත්ත දිනුක ගේ බවට ඩී. එන්. ඒ. පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
Read Moreකොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සිදු කරන ආකාරයට අදාළ කැබිනට් පත්‍රිකාව සහ එහි වැඩපිළිවෙල පිළිබඳ වාර්තාවක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.
Read Moreජාතික හැදුනුම්පත ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ට එය කඩිනමින් ලබා ගැනීම සදහා 0115 – 226 126, හෝ 0115 – 226 100 යන දුරකථන ඇමතුම් වලට අමතන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
Read Moreඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදු නොවන අතර එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රකාශ කළහ.
Read Moreක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය.
Read Moreයාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාට සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටත් යාපනය පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreඅද(24) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 132ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පෙචුඅල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreතලවකැලේ, ආගරපතන,බෝපත්තලාව ප්‍රදේශයේදී කම්බි මදුවකට හසුව තුවාල ලබා සිටි කඳුකර කොටියෙකු අද (24) සොයා ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
Read Moreඅද (24) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව සිටි පුද්ගලයින් 324 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreබස්නාහිර පළාතේ සියලූම පෙරපාසල් එළඹෙන මාර්තු මස 29 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Read Moreශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreවිදෙස් රටවල සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී මුදල් වංචා කළ පුද්ගලයෙකු වව්නියාව වෙප්පකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1525 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
Read More