දකුණේ වී ගන්න මධ්‍යස්ථාන 18ක් විවෘතයි
වි අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් ගොවින්ගේ වි අස්වැන්න මිලදි ගැනිම සදහා වි ගබඩා මධ්‍යස්ථාන 18ක් විවෘත කොට ඇති බවත් මේ වනවිට වි කිලෝ දසදහසක් පමණ මිලදි ගෙන ඇති බැව් එහි ප්‍රාදේශිය කළමණාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා පවසයි.
ගොවින් විසින් වි අස්වනු නෙලිම මේවනවිට ආරම්භකොට ඇති බවත් ඉදිරියේ දි ගොවින්ගෙන් සැලකිය යුතු වි තොගයක් වි අලෙවි මණ්ඩලය වෙත ලැබෙනු ඇති බවට විශ්වාස කරණ බවද හෙතෙම පෙන්වාදෙයි. කැකුළු වි කිලෝවක් රුපියල් 120ක මිලකට සහ සම්බා වි කිලෝවක් රුපියල් 130ක මිලකට මිලදි ගන්නා බවද ඉන්දික උපේන්ද්‍ර මහතා පවසයි.පසුගිය කන්නයේ දි වි අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය මගින් වි කිලෝ ලක්ෂ 30ක් මිලදිගත් බවත් එම වි තොගද මණ්ඩලයේ ගබඩාවල පවතින බවද හෙතෙම පෙන්වාදෙයි.
වි අලෙවි මණ්ඩලය විසින් මිලදි ගනු ලබන්නේ වියලි වි වන අතර පුද්ගලික මෝල් හිමියන් විසින් තෙත වි කිලෝවක් කුඹුරේදිම රුපියල් 85ක මිලකට මිලදි ගනු ලබන බව ගොවින් පෙන්වාදෙති. එම මිල ප්‍රමාණවත් නොවන බවද ගොවින් පවසති. වර්ෂාව වි අස්වැන්න නෙලිමට බාදාවක් වි ඇති බවද ගොවින් සදහන් කරනු ලබන අතර මේ වනවිට වෙළදපොළ තුල සහල් මිලදි පහළගොස් ඇත.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

