saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7336 hours ago

LATEST

තවත් ​කොරෝනා ආසාදිත මරණ‍ 190ක්

calendar_today 2021 අගෝ 24 - 19:16 remove_red_eye - 317  

ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 190 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 38 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 150 දෙනෙකු අයත්.

ජනාධිපති නීතිඥ ඩී එස් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා.

Read More

කෙසේ වෙතත් මෑත සති කිහිපය තුළ නවතම ආසාදන සංඛ්‍යාලේඛන සැලකිය යුතු ලෙස ඉහළ ගියද, එන්නත ලබාදීමේ දියුණුවට ස්තූතිවන්ත වන්නට, පසුගිය ශීත සෘතුවේදී සිදු වූ මරණ සංඛ්‍යාවේ උපරිමයට වඩා මරණ සංඛ්‍යාව තවමත් බෙහෙවින් අඩු බව කියයි.

Read More

කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද දිනයේදීම කොළඹදී සිදුකෙරිණි.

Read More

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර හට කොවිඩ් වෛරසය ආසාදනය වී ති​බේ. ඔහුගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද නිරෝධායනය සඳහා යොමු කර ඇත.

Read More

සියලු කර්මාන්ත සහ වැවිලි ක්ෂේත්‍රයේ කටයුතු ද අත්හිටුවා මුළු රටම දින නියමයක් නැතිව මාස ගණනක් වසා තැබීම විපක්ෂයේ සමහර දේශපාලන කණ්ඩායම්වල අඳහස වන බවත් එමඟින් රට තුළ අරාජික තත්ත්වයක් සහ වියවුල් තත්ත්වයක් ඇති කිරීම ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය බවත් ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

Read More

හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර මහතාගේ සුවදුක් විමසීමට තමන් ඊයේ (23දා) දහවල් දුරකතනයෙන් කථා කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වනවිට කොරෝනා ආසාදිත දරුවන් 200 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුලවත්ත මහතා පවසා සිටියි.

Read More

පිරිවැය රු බිලියන 1.5ක් - යෝජනාව අගමැති මහින්දගෙන්

Read More

සමස්ත පොලිස් නිලධාරීන් අතරින් 98%ක් පූර්ණ එන්නත්කරණය ලක්කර තිබෙන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියි,සෙසු නිලධාරීන් අතුරින් පිරිසකට ඉදිරි දින කිහිපයේ දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

පිටකොටුව ප්‍රදේශයේ සිටින යාචකයන් සිය දෙනෙකු සදහා එන්නත් ලබාදීම අද සිදු කෙරුණා.

Read More

බගවන්තලාව මෝරා වතු යායේ ජාතික වැවිලි කලමණාකරණ ආයතනයේ පවත්වාගෙන ගිය සියළුම පහසුකම් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද දින සිට වසා දැමිමට නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් පියවර ගෙන ඇත.

Read More

Invitational T20 League අවසන් මහා තරගය අද (24) පැවැත්වීමට නියමිතව ඇ​ත. ඒ දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම අතරයි. අවසන් මහා තරගය මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බවත් මංගල සමරවීර යනු ජාතියට ආදරය කළ පුද්ගලයෙක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

යාපනයට 610Km ක් දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශය් රිච්ටර් මාපකයේ 5.1 ක භූ චලනයක් සිදුව ඇත. භූ චලනයෙන් මෙරටට බලපෑමක් නොමැති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

Read More

කළුබෝවිල රෝහලේ මෘතදේහ තැනතැන දමා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාජ පුවතක් පළ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නිහාල් තල්දුව මහතා පැවසීය.

Read More

රජයේ ආයතන සතු වාහන අතුරින් ධාවන තත්ත්වයේ ඇති වාහන කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදිතව අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් හා පෙට්‍රල් නිෂ්පාදන දිගුගාලිනව ණය පදනම මත ලබා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය ගැටලුවට පිළියමක් වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පවසයි.

Read More

කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා අතරේම ආර්ථිකය නංවමින් රටේ කටයුතු ඉදිරියට ගෙන යාම රජයේ අපේක්ෂාව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරනවා.

Read More

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් හඳුන්වාදුන් කාඩ්බොඩ් මිනී පෙට්ටියට ජාත්‍යන්තර මාධ්‍යයේද අවධානය හිමිව තිබේ. ඒ එම මිනී පෙට්ටිය පිළිබඳව රොයිටර් පුවත් සේවය තොරතුරු වාර්තා කිරීමත් සමගිනි.

Read More

කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ති​බේ. මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය.

Read More

ශ්‍රී ලංකාව තුළ පළමුවරට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More

චීනයේ වාර්තා වූ නවතම කොවිඩ් 19 නැගිටීම දින 35 ක් තුළදී පාලනය කිරීමට චීනය සමත්ව තිබේ. ඒ එරට තුළ දින 35කට පසුව දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් වාර්තා නොවීමත් සමගිනි

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබදව කැබිනට් මණ්ඩල තින්දුව ලබන සතියේ දැනුම් දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

Read More

කොවිඩ් ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 300,000 ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Read More

කෝවිඩ් වෛරසයජය ගැනීමට අවශ්‍ය නම් වැරදි මතවලින් මිදී පලා වර්ග සහ ප්‍රෝටීන් බහුල ආහාරවලින් යුත් සමබල ආහාර වේලක් ලබාගැනීම අත්‍යවශ්‍ය වන බව කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

දැඩි සත්කාර සේවය අවශ්‍ය වන කොවිඩ් රෝගින් ඇතුළු රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය එන්නත්වල පවතින හිගය නිසා රෝගී ජීවිත වලට අවධානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු බාරව කටයුතු කරන වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් බදුල්ල මහරෝහලේදී පැවසීය .

Read More

මුහුදු ආහාර අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ පසුගිය ජුලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 40.5ක් වටිනා මුහුදු ආහාර ශ්‍රී ලංකාව අපනයනය කිරීමෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.