1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.
මොණරාගල තණමල්විල ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ ඇති වූ සුළු භූ කම්පන තත්ත්වය පිළිබදව පරීක්ෂණ සිදු කෙරෙන බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසනවා.
Read Moreඑමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර, ගුවන් සේවා ලබන පළවනදා සිට යළි ආරම්භ කරන බව නිවේදනය කර සිටියි. කොළඹ සහ මාලේ අතර සැප්තැම්බර් පළවනදා සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය, ඩුබායි සහ මාලේ අතර මෙන්ම, කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් වනු ඇත.
Read Moreහෙරොයින් ජාවාරමක නිරතවුණු කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreජනප්‍රිය සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ආරාධිත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ, තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත් එස්.එල්.සී. ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ඒ වෙනුවෙන් තමන්ට ලැබුණු මුදල (රු.ල. 02) දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) වෙත පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
Read Moreකොරියානු තානාපතිවරයා හමුවූ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව අවධාරණය කරයි.
Read Moreඅද (25) දිනයේ දිස්ත්‍රික්ක 24ක මධ්‍යස්ථාන 205 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreමොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ඊයේ (24) දින කොවිඩ් 19 රෝගීන් 468 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක මහතා පැවසීය.
Read Moreඋද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.
Read Moreචීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත භාවිත කිරීම වෙනුවෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පරිත්‍යාග කර තිබේ.
Read Moreකුඨ ලේඛණ සකස් කිරිම හා අනුබල දිමේ චෝදනාව යටතේ සැකකරුවන් 3 දෙනෙකු බොරැල්ලේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read More(FACT CHECK) බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
Read Moreපූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර ඇත. සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේය.
Read Moreමිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමය පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකාවේ පුද්ගලයන් 5 949 431ක් පූර්ණ එන්නත්කරණය කර අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ අතරින් වැඩිම පිරිසක් එනම් පුද්ගලයන් 4519751කටම ලබාදී ඇත්තේ චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නතයි.
Read Moreගුවන් හමුදාපති, එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට කොවිඩ් 19 ආසාදනව වී තිබේ.
Read Moreහදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 705 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More’’ඩෙල්ටා ප්‍රභේදය හමුවේ කෙසේ හෝ තමන්ට කොවිඩ්-19 රෝගයෙන් සදහටම ආරක්ෂා විය හැකි යැයි ඕනෑම ප්‍රාන්තයක් සහ ප්‍රදේශයක් සිතනවා නම් එය තනිකරම විකාරයක්. මම කියන්නේ නවසීලන්තයටත් ඒක කරන්න බැහැ. ඔවුන් අනුගමනය කළේ වෛරසය තුරන් කිරීමේ උපාය මාර්ගයක්. ඔවුන් අගුලු දමාගෙන සිටිනවා.’’
Read MoreInvitational T20 League ශූරතාවය ජයගන්නට දසුන් ශානක නායකත්වය දැරූ ග්‍රේස් කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේ දී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ් කණ්ඩායම ලකණු 43කින් පරාජය කරමින්.
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි. මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටද වාර්තා වෙයි.
Read Moreසමෝවා වාර්ගික දේවස්ථානයක ආසාදිත පොකුරක් සමග නවසීලන්තයේ වර්ගවාදී අදහස් ප්‍රජාව තුළ ඉස්මතු වී තිබේ. නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ’’ගැටලුව ඇත්තේ වෛරසයේ මිස මිනිසුන්ගේ නොවෙයි’’ යනුවෙනි.
Read Moreවයස අවුරුදු 60ට වැඩි සියළුම ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි සියලුම පූජ්‍ය පක්ෂය එන්නත් කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට රජය විසින් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,112 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වළක්වා ගැනීම සඳහා ඊශ්‍රායලය සිය කොවිඩ්-19 එන්නත් බූස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාදීමේ වයස් සීමාව අවුරුදු 30ට වැඩි සියලු දෙනා දක්වා පුළුල් කර තිබේ.
Read Moreමතුගම පොලීසිය පසුගිය 22වනදා සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී මියගොස් තිබේ.
Read Moreකොවිඩ් ආසාදනය වූ දරුවන්ගේත් මේ වන විට රෝග ලක්ෂණ පෙන්වීමට පටන්ගෙන ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසා සිටියි.
Read Moreඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය එරට ප්‍රාන්තයන්හි මහ ඇමතිවරුන්ට අවධාරණය කර තිබුණේ, රටේ ජනගහනයෙන් 70% - 80%ක් සඳහා කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදුන් විට රට නැවත විවෘත කරන අතර, හදිසි ආර්ථික ආධාර පැකේජ අවසන් කරන බවත්ය.
Read More