saravita-anim2

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් මස 01 වන බදාදා

Latest News - timelapse 7341 hours ago

LATEST

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී

calendar_today 2021 අගෝ 23 - 14:30 remove_red_eye - 566  

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව ඉන්දියාවේ අදානි සමාගම පවසා සිටියි.

බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී ඊයේ දිනය තුළ වාහන 757ක් සහ පුද්ගලයන් 1,509ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (22) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.

Read More

මෙරට සිදුවූ කොවිඩ් මරණවලින් බහුතරයකට හේතුව කොවිඩ් නියුමෝනියාව ඇතිවීමට පෙර සිදුවන පෙනහළු සංකූලතාවක් බවට කරුණු අනාවරණය වී ඇත.

Read More

වැලිමඩ අඹගස්වැව පොලිස් වසමේ මැදහින්න ප්‍රදේශයේදි පොල්ලකින් පහර දි කාන්තාවක් ඝාතනය කිරිමේ සිද්ධියක් පිළිබදව පොලීසියට වාර්තා වි තිබේ.

Read More

යාපනය දිස්ත්‍රීක්කය තුල දෛනික කොරෝනා ආසාදිතයින් අගය ශීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර ආසාදිතයින් 10,000 ඉක්මවද්දි මරණ 200 වාර්තා වී ඇති බවට යාපනය දිස්ත්‍රීක් දිසාපති කනපතිපිල්ලෙයි මහේෂණ් මහතා පැවසීය.

Read More

වනිදු හසරංගට හා දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා දී නොමැති බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පවසා සිටියි.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (22දා) මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, බන්ධනාගාර වෛද්‍යවරයෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳව සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබෙන බ​ව, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.

Read More

කොවිඩ් ආසාදනය වූ තවත් 4282 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.

Read More

නුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 23 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසිය.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ මස සිය මන්ත්‍රී වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා පරිත්‍යාග කර ති​බේ. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර ඇත.

Read More

ඉන්දියාවෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් ටොන් 40ක පමණ ප්‍රමාණයක් රැගෙන අද (22දා) මධ්‍යම රාත්‍රියේ කොළඹ වරායට සේන්දු විය.

Read More

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (23) සිට තොග වෙළෙඳාම සඳහා විවෘත කෙරුණි.

Read More

නොච්චියාගම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්කුඩු මිලිග්‍රෑම් දෙසියක් සමඟ දුණුදඹුවැවදි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

Read More

ගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 ක් හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවක් (MUTATION ) හඳුනාගෙන තිබේ. මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදයෙන් හඳුනාගෙන ඇති ජාන විකෘතිතා ගණන 4කි.

Read More

​අද (23) දිනයේ ත් දිස්ත්‍රික්ක 19 ක මධ්‍යස්ථාන 124 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්​ට රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව අද (23) සිට ලබාදීමට නියමිතව ඇ​ත.

Read More

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනවා.

Read More

Invitational T20 League අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට Greys කණ්ඩායම හා Reds කණ්ඩායම සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් Greens කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 114 ක් ලබා ගැනීමට සමත් වි​ය.

Read More

ගතවු පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සදහා ඇමෙරිකානු ෆයිසර් එන්නත් තවත් මාත්‍රා 80,000 ක පමණ ප්‍රමාණයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත , කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විසින් රැගෙන විත් ඇති බව , එහි කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

බරපතල රෝගාතුරවීම් හා රෝහල් ගතවීම් සම්බන්ධයෙන් කොවිඩ්-19 බූස්ටර් මාත්‍රාවෙන් දින 10කට පසු වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා පස් ගුණයකින් හෝ හය ගුණයකින් වැඩි ආරක්ෂාවක් ලබාදෙන බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,172 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. අද දිනය තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,282 ක් වන අතර, දිනක් තුළ මෙරට ආසාදිතයින් 4,000 ඉක්මවු ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

Read More

චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අනිද්දා ලැබෙන අතර තවත් මාත්‍රා මිලියන 2ක් මේ මස අඟදි දිවයිනට ලැබිමට නියමිතය.

Read More

අධික ලෙස බෝවන ඩෙල්ටා කොවිඩ්-19 වෛරස ප්‍රභේදය පැමිණීම නවසීලන්තයේ වසංගත ප්‍රතිචාරය ගැන විශාල ප්‍රශ්න කිහිපයක් මතු කර ඇති බව එරට වසංගත ප්‍රතිචාරය භාර අමාත්‍යවරයා පවසයි.

Read More

ඊයේ (21) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 183 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 45 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 136 දෙනෙකු අයත්.

Read More

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකුට මරණ තර්ජන සිදු කළ බව පවසමින් එම වෛද්‍යවරයා විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

වසර 20කටත් වඩා වැඩි කාලයක් සිදුකර ඇති මෙම මත විමසුම තුළ ඉන්දියාවේ කිසිදු අගමැතිවරයෙකුගේ ජනප්‍රියත්වයට මෙවැනි කම්නයක් ඇතිවී නොමැති බව සඳහන් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.