නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දැරියක් කොවිඩ් ආසාදිතව අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය රාජගිරිය, ගල්පොත්ත පාරේ පදිංචිව සිටි දැරියකි.
ඉකුත් සතියේ ඇයට හටගත් සුළු අසනීප තත්ත්වය පසුව ශ්වසන අපහසුතාවක් දක්වා වර්ධනය වී තිබුණි.
පසුගිය සෙනසුරාදා ඇයව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී දැරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබුණි.