saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7329 hours ago

LATEST

නුවරඑළියේ එළවලු අඛණ්ඩව රට පුරා බෙදාහැරිමේ වැඩපිළිවෙලක්

calendar_today 2021 අගෝ 26 - 10:21 remove_red_eye - 378  

පවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුන ද නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන බාධාවකින් තොරව රට පුරා බෙදාහැරීම සඳහා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මගින් වැඩපිළිවෙලක් සකසා ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට (27) ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.

Read More

අද (26) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 438 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

සියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබේ. තොග වෙළදාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං පොදු වෙළඳපොළ එම දිනවල විවෘත කෙරෙයි.

Read More

තණමල්විල ප්‍රදේශයේ හටගත් භූකම්පන තත්ත්වය ගොඩබිම තුල සිදුවු කම්පන තත්ත්වයක් නොවන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 581 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා සිටියි.

Read More

බස්නාහිර, සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට, මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

නව කොරෝනා වෛරසය මූලාරම්භ කතාවේදී විද්‍යාගාර කාන්දු උපකල්පනය බැහැර නොකළ යුතු බවට එක්සත් ජනපදය අවධාරනය කරන්නේ නම්, ඔවුන් ආදර්ශයක් ලබා දෙමින්, එරට ෆෝර්ට් ඩෙට්‍රික් සහ උතුරු කැරොලිනා විද්‍යාගාර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ආරාධනා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලමනාකාරීත්වය සම්බන්ධයෙන් ගුවන් සත්කාරක සේවක සංගමය සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ ගුවන් සේවයේ හොද හිත පළුදු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බව එම සමාගම සඳහන් කරයි.

Read More

කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම තත්ත්වයට රට මේ වන විට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනයේ දැඩි ප්‍රවේශය ක්‍රියාත්මක වී ඇති අතර, ජූලි මාසයෙන් පසු ප්‍රථම වතාවට සඳුදා දිනයේදී දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සීඑන්එන් පුවත් සේවය පවසයි.

Read More

ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 51 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 146 දෙනෙකු අයත් වෙයි. මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් කැළණිය ප්‍ර දේශයේ ජනතාව වෙත රුපියල් 1000 බැගින් බෙදා දීමට එම ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා කටයුතු කර තිබේ ඔහු රුපියල් ලක්ෂ 250ක මුදලක් මෙසේ බෙදා දීමට පියවර ගැනිණ. එම මුදල් කැළණිය නාහේන ප්‍ර දේශයේදී බෙදා දීම අද (25දා) ආරම්භ කළේය.

Read More

ඔස්ට්‍රේලියාවේ විශාලතම අගනගරය වන සිඩ්නි, දැඩි වසංගත තත්ත්වයක් යටතේ මාස දෙකක් ගත වුවත් දිනෙන් දින වාර්තා වන ආසාදන සමග අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට මහත් වෙහෙසක් දරමින් සිටියි.

Read More

අතරමැදියන් සගවා ඇති වී තොග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

’’මේ වනවිට වසංගතය පැතිරීමේ වේගය මෙන්ම ආසාදන අනුපාතයේ ඉතා ඉහළ වැඩිවීම, අඩු වී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා’’ ඊශ්‍රායල් රජයේ උපදේශකයෙකු සහ දත්ත විද්‍යාඥයෙකු වන එරාන් සෙගල් පැවසීය.

Read More

හෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියෙකුට පැය දෙකකදී (24) සිදුකළ ස්ටෙන්ට් දැමීමේ සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වී ඇත.

Read More

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ. 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පෙනී යන බව පොලිස්පතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ වාර්තා කළ ප්‍රමාණයට වඩා කොවිඩ්-19 මරණ 12,000ක් එම ප්‍රාන්තය තුළ සිදුව ඇති බව වත්මන් ආණ්ඩුකාර කැතී හොෂුල් අනාවරණය කරයි.

Read More

නිරෝධායන ඇදිරි නීතිය සමය තුළ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඩ් මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ගෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත‍්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමෙහි නිරත වුවහෙත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න මහතා ප‍්‍රකාශ කරයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ ගැටුම් හමුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඊයේ (24) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇති බව කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

Read More

මාස 5ක් වූ නූපන් දරුවෙකු කෝවිඩ් වැළදී ගම්පොල ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම මරණයට පෙර මෙරට අඩුම වයස් කොරෝනා මරණය වූ ඉපදී සති 8ක් වූ දරුවෙකු ද මියගොස් තිබුනේ ගම්පොලදීය.

Read More

මැගසින් බන්ධනාගාරයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇති කරගත් බව කියන සිද්ධිය බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවේ කැඳවීමට තීරණය කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියි.

Read More

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන යළි එලඹෙන 28 සහ 29 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පසුගියදා මහනුවර හා අනුරාධපුර වෙත ගොස් මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

Read More

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා තිබේ. ඒ ගතවූ දින 4 තුළ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් පුද්ගලයින් 4,484 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසා සිටියි.

Read More

මෙරට ඔක්සිජන් අවශ්‍යතාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ අවධානයක් මේ මොහොතේ යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (25) ඉල්ලා සිටියේය.ඉන්දියාවේ නිෂ්පාදිත ජංගම ඔක්සිජන් ඒකක මෙරටට ලබාදීම කෙරෙහිද අවධානය යොමුකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.