saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7327 hours ago

LATEST

අද සමස්ත ආසාදිතයින් ගණන 4500 ඉක්මවයි

calendar_today 2021 අගෝ 26 - 21:27 remove_red_eye - 430  

අද තවත් කොරෝනා ආසාදිතයන් 1,075 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,602ක්.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වර්ෂයේ ජන්ද හිමියන් ගණන් අකෘති ගෙයින් ගෙට බෙදාදිම සිදු නොකරන බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළේය.

Read More

’’මම උත්සාහ කළ ඉතාම භයානක දෙය මෙයයි. අපි වසර ගණනාවක් තිස්සේ මේ සඳහා වැඩ කළා. කුඩා කල සිටම මෙවැනි වික්‍රමයක් කිරීමට මට ආසාවක් තිබුණා.’’ ටොම් පැවසීය.

Read More

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන් තෙටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක් වාර්තා වී තිබේ.

Read More

රුපියල් 200 ඉක්මවා සීනි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට තමාට හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් අද (26) පෙරවරුවේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා ආරම්භ කෙරිණි.

Read More

කොරෝනා වසංගතය පාලනය සඳහා දකුණු ඇමෙරිකාවේ සෙසු රටවලට වඩා දැඩි සීමාවන් පැනවූ ආර්ජන්ටිනාවේ ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් සිය තරුණ සහකාරිය වූ හිටපු මාධ්‍යවේදිනය වෙනුවෙන් පසුගිය වසරේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පවත්වා ඇති බවට චෝදනා එල්ල වෙයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉකුත් පැය 24 ක කාලය තුලදි කොවිඩ් අසාදිත මරණ 12ක් වාර්තා වී ඇතැයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියයි.

Read More

මෙක්සිකෝවේ අභ්‍යන්තර විෂය පථය විශේෂයෙන් බලවත් කැබිනට් තනතුරක් වන අතර එය ආරක්ෂක කටයුතු සඳහා වගකිව යුතු මෙන්ම, ජනාධිපති ධුරයට පසුව ඊළඟට ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් එකකි.

Read More

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි විමක් ඉදිරි දින කිහිපයේදි තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා තුන්වෙනි රැල්ලේ දී හඳුනාගනු ලැබූ කොවිඩ් delta ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කිසිදු කොරෝනා රෝග ලක්ෂණයක් නොපෙන්වාම හෘදයාභාදයට ලක්වන කොවිඩ් රෝගීන් වාර්ථා වීමේ ප්‍රවණතාවයක් ඇති බවත් එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසිදෙනෙකුට පමන පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ ජ්‍යෙශ්ඨ හෘද ශල්‍ය වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා(27) පැවසීය.

Read More

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ (25) සිට පොළොන්නරුව දිස්‍ත්‍රික්කයේ හා අම්පාර, අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ අතරමැදි වී තොග ගබඩා වැටලීමේ හා මුද්‍රා තැබීමේ කටයුතු සිදු කරමින් පවතින බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ලබන නොවැම්බර් අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18 න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

නව පරපුරේ සංගීතඥයෙකු වන ඉරාජ් වීරරත්තනට තමන් පහරදුන් බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළවන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

මෙරට ඖෂධ නිෂ්පාදනය සඳහා යටිතල පහසුකම් සැපයීම රජයට උපරිමයෙන් කළහැකි බැවින් එවැනි ආයෝජකයින් යොදා ගනිමින් කඩිනමින් මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කර තිබේ.

Read More

කොවිඩ් යනු බියවිය යුතු රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසා සිටියි.

Read More

2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19 තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ. පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා සිටියි.

Read More

සෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව පෙනෙන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

Read More

කොවිඩ් 19 අසාධනයට ලක්ව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා දින දෙකකට පෙර නිවසට ගොස් සිටි පුද්ගලයෙකුට අද (26) හා කැස්ස ගතියක් ඇතිවී බදුල්ල මහරෝහලට රැගෙන එමින් සිටියදී ත්‍රිරෝද රථය තුළදීම මරණයට පත්ව ඇතැයි බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර වාට්ටු භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කර සිටියි.

Read More

පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මාතර හා ගන්දර ප්‍රදේශ වල ගල් වැඩපොළවල් මුවාවෙන් අධි බලති පුපුරන ද්‍රව්‍ය රැස්කරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

“කොවැක්ස්” වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ මෙරටට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමක් සිදු කෙරිණි.

Read More

කොරෝනා ව්‍යාප්තියත් එක්ක ජීවනෝපාය අහිමි වුණ ජනතාව සදහා රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ එම පිරිසට අවශ්‍ය සහාය ලබාදීම සදහායි.

Read More

එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා තිබේ.

Read More

උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ කාර්ය මණ්ඩලයේ 132දෙනකුට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසයි.

Read More

පරිසර අමාත්‍යාංශය 2021- 2030 දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 239650කට ඊයේ දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 15,548 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 93,434 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේය.

Read More

තමන්ට මුළු වැටුපම කොවිඩ් වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැකි නමුත් එම වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.