මට වැටුපම දෙන්න බෑ සියයට 50ක් දෙන්නම්
තමන්ට මුළු වැටුපම කොවිඩ් වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැකි නමුත් එම වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“සමහර මන්ත්රීතුමාලා, ඇමතිතුමාලා වැටපු පරිත්‍යාග කරන බව දැනුම් දීලා තියෙනවා. මගේ මුළු වැටුපම පරිත්‍යාග කරන්න බෑ. එහෙම වුණොත් ජීවත් වෙන්න බෑ.
මම වෘත්තියේන් නීතිඥයෙක් වුණාට දැන් උසාවි යන්නෙන්ත් නෑ. මුළු වැටුපම දුන්නොත් ජීවත් වෙන්න මට වෙන ආදායමක් නෑ.
මම මගේ වැටුපෙන් සියයට 50ක් දෙනවා. මගේ පියා මිය ගියා. එතුමාගේ සම්පූර්ණ ඉතුරුමු තිබුණේ ද ෆිනෑන්ස් ආයතනයේ. ඒක බංකොලොත් වුණ නිසා එක සත භාගයක් ගන්න බැරි වුණා..
මගේ නෝනා පොඩි රස්සාවක් කරනවා. ඒකෙන් කළමනාකරණය කර ගන්නවා. මම සියයට 50ක් දෙනවා කියලා රාජ්‍ය සේවකයන් දෙන්න ඕන නෑ. මොකද ඔවුන්ටත් අමාරු බව අපි දන්නවා”
popular news
-
rocky Thursday, 26 August 2021 06:11 PM
lajjayi, mahaththayo.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

