ටොම් කෘස් සිය චිත්රපට දිවියේ භයානකම වික්රමය සිදුකරලාලු
ජනප්රිය බොලිවුඩ් රංගන ශිල්පී ටොම් කෘස් තමා රංගනයෙන් දායක වන "මිෂන් ඉම්පොසිබල් 7" චිත්රපටය වෙනුවෙන් තමා එදාමෙදා තුර සිදුකළ භයානකම වික්රමය සිදුකළ බව කියයි.
චිත්රපටවල ක්රියාදාම සිද්ධීන් රූගත තිරීමේදී ඒ සඳහා වෙනම ශිල්පීන් භාවිත කළත්, බොහෝ භයානක වික්රමයන් තමා විසින්ම සිදුකිරීමට ඉදිරිපත් වන නළුවෙකු ලෙස ටොම් සැලකෙයි.
ඒ අනුව ඔහු නොර්වේ හි යෝධ කඳු බෑවුමක සෑදූ අට්ටාලයක් දිගේ යතුරුපැදියකින් ගමන් කරන අතරතුර, තම පැරෂූටය මුදාහැරීමට පෙර යතුරුපැදියෙන්ම කෙටි දුරක් අහසේ ගමන් කරන දර්ශනයක් මෙසේ රූගත කර ඇත.
"මම උත්සාහ කළ ඉතාම භයානක දෙය මෙයයි. අපි වසර ගණනාවක් තිස්සේ මේ සඳහා වැඩ කළා. කුඩා කල සිටම මෙවැනි වික්රමයක් කිරීමට මට ආසාවක් තිබුණා." ටොම් පැවසීය.
ඉතාලියේ, නෝර්වේ සහ එක්සත් රාජධානියේ කොරෝනා වසංගත බාධාවන් රූගත කිරීම්වලට බාධා පැමිණුනත්, මේ වනවිට යළි රූගත කිරීම් ඇරඹී ඇති "මිෂන් ඉම්පොසිබල් 7" චිත්රපටය 2022 මැයි මාසයේදී මුදා හැරීමට නියමිතය.
59 හැවිරිදි ටොම් කෘස් වැඩිදුරටත් පැවසුවේ ඔහු වසරකට වැඩි කාලයක් මේ සඳහා පුහුණු වූ බවයි. එහිදී ගුවන් කරණම් 500ක් සහ යතුරුපැදි පැනීම් 13,000ක් පමණ පෙර පුහුණුවීම්වලදී සිදුකළ බවද හෙතෙම සඳහන් කළේය. මෙම රූගත කිරීමද හය වතාවක් රූගත කර තිබේ.
මීට පෙර පියාසර කරන ගුවන් යානයක එල්ලී ගමන් කිරීම, පටු කඳු මිටියාවත් හරහා හෙලිකොප්ටරයක් පදවාගෙන යාම, මීටර් 828ක් උස ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල තරණය මෙන්ම, සැතපුම් 5ක් ඉහළ අහසේ සිට ගුවන් කරණම්ද ඔහුගේ වික්රමයන් අතරින් කිහිපයක් පමණි.





popular news
-
Lalit dharmasinghe Monday, 30 August 2021 01:47 PM
Natha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

