saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 6646 hours ago

LATEST

ජෙෆ් බෙසොස් බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සංචාරය සූදානම්

calendar_today 2021 ජුලි 19 - 20:30 remove_red_eye - 274  

82 හැවිරිදි පුරෝගාමී කාන්තා නියමුවරියක වන වොලී ෆන්ක් සහ 18 හැවිරිදි ඔලිවර් ඩේමන් මෙන්ම, ජෙෆ් බෙසොස්ගේ සහෝදර මාර්ක් බෙසෝස් මෙම සංචාරයට එක්වනු ඇත. ඩේමන් යනු සමාගමේ මුදල් ගෙවා අභ්‍යවකාශ සංචාරයට සහභාගී වන පළමු වැනි පාරිභෝගිකයාය.

ජාතික සඳුන් උයන ශ‍්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වෙයි. උයනේ රෝපිත ශාඛ වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි 02 ක් පමණ උස පස් පීඨිකාවක පැළ සිටුවා තිබීම මෙහි විශේෂත්වයකි. එසේම, පසේ තෙතමනය රදවා තබා ගැනීම සහ පැළවලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා මුගුණුවැන්න පැළ වගාකර ඇත.

Read More

අන්තර්ජාලය ඔස්සේ පහලොස් හැවිරිදි දැරියක ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෙබ් අඩවියක හිමිකරු සහ එහි මුදල් කලමනාකරුට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

Read More

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති අතර, එහි සාමාජිකයෙකු විසින් ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ක්‍රියාත්මක කිරීමෙන් මෙම බෝම්බ ප්‍රහාරය සිදුකර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ. ඊයේ (18) දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

Read More

ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන්ව වු තරුණිය සොයා සිදුකළ මෙහෙයුම අද (19) දහවල් තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව දිඹුල- පතන පොලීසිය පවසයි.

Read More

කොවිඩ් තත්ත්වය හමුවේ දිගටම රට වසා තැබීමේ හැකියාවක් නැති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදනයන් යළිත් ඉහළයෑමේ ප්‍රවණතාවක් ඇතිවීම නිසා අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වසංගතය යළි හිස ඔසවනු ඇතැයි යන බිය හමුවේ ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ තුළ පවා අද (19දා) දිනයේ දැඩි කම්පන තරංග දැකගත හැකි විය.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 980 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

අනවසර වැලි කැණීම් නතර කිරීමට දුන් නියෝග එලෙසම ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කරනවා.

Read More

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව එම අධිකාරියේ සිට ලංකා බැංකු සේප්පුව වෙත රැගෙන ගොස් තිබේ.

Read More

’’කිසිදු දේශපාලන බලවේගයකට හෝ කණ්ඩායමකට එන්නත් පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් නොතිබිය යුතුයි. රට නැවත විවෘත කිරීම සහ රටේ අනාගතය රඳා පවතින්නේ එන්නත් කිරීමේ ව්‍යාපාරය මතයි’’ ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 13 ක දැරියක් නීත්‍යානූකූල භාරකත්වයෙන් අපහරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් ‍අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විවාහ උත්සව සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 5,172ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් තණමල්විල බෝදාගම ප්‍රදේශයේ ජනතාවට වියළි සලාක බෙදාදීම, ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) එම ගම්මානයේ දී සිදු කෙරිණ.

Read More

තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි මෘදුකාංග ඉංජිනේරු වරයෙකු ගේ මළ සිරුර එම නිවාස සංකීර්ණය පාමුල වැටී තිබියදී අද (19) හමුවූ බව මුල්ලේරියාව පොලිසිය කියයි

Read More

කතරගම මහා දේවාලයේ ඇසල පෙරහැරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන්ගේ හා හිටපු ක්‍රිකට් නායකයින්ගේ ද සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රැස්වීම කල් දමා තිබේ. ඒ අනුව එම රැස්වීම ලබන දෙවනදා පස්වරු 3ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිළධාරීන්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කර තිබූ බව වාර්තා වුණා.

Read More

යම් අයෙකුට දින වරෙන්තුවක් හෝ විවෘත වරෙන්තුවක් තිබෙනවා නම් වහාම පොලීසිය පැමිණ භාරවන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

Read More

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන අරමුදලට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න පිළිබද නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින නිසා අදාළ නඩුව සැප්තැම්බර් පළමුවනදා යළි කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

Read More

පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු වන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරටේ නීතිපතිවරුන් අතර තවදුරටත් කරුණු හුවමාරු වෙමින් පවතින බව නීතිපතිවරයා අද (19) බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබේ.

Read More

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇත.

Read More

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අවුරුදු තිහට වැඩි සියලු දෙනාට මොඩර්නා එන්නත ලබා දීම අද ආරම්භ විය.

Read More

දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග අද පැවති හමුවේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

Read More

බදවා ගැනීමේ පටිපාටියට පටහැනිව බහුකාර්ය සාධක විශේෂ කාර්ය සාධන බලකායෙන් රෝහල් තනතුරු සඳහා පත් කිරීමට විරෝධය පළ කරමින් අද (19) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද සෞඛ්‍ය කාර්ය සහායකයින් වර්ජනයක නිරත වූහ.

Read More

එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

Read More

මෙරට ඩෙංගු රෝගි ව්‍යාප්තියේ වැඩිවිමක් මේ දිනවල නිරික්ෂණය වන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද පෙරවරු 10ට පමණ උද්ඝෝෂණය ආරම්භ කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.