වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට යයි
දිවයින පුරා පවතින වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීම පිළිබඳ වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට රජයේ අවධානය යොමුව තිබෙ.
මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්යාංයේදි පවත්වා තිබේ.
වනාන්තර තුළ පවතින දේයට ආවේණික නොවන පරිසරයට හිතකාමී හානිකර වගාමන් ඉවත්කර නැවත දේශයට ආවේණික වන වගාවන් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති අතර එම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් වනාන්තර කිහිපයක් ආශ්‍රිතව මෙම ඔසු වන උයන් පිහිටුවිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට නැංවීමට නියමිතය.
ඒ අනුව ගම්පහ, නුවරඑළිය, ගාල්ල, කොළඹ, කළුතර දිස්ත්‍රික්කයන් මූලික කර ඔසු උයන් පිහිටුවීමට මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා ජනතා සහයෝගය ලබා ගැනීම හරහා ජනතාව ආර්ථික ප්රතිලාභ ලබාදීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

