අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යැමේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් විසින් මෙම මස සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගක නිරත වන බවට විදුලිබල මණ්ඩල කළමනාකාරිත්වය වෙත තොරතුරු ලැබි ඇති නිසා රටට අඛණ්ඩ විදුලිය සැපයිම ලංකා විදුලිබල මණ්ඩලය සතු ජාතික වගකිමක් බැවින් එම සේවා අවශ්‍යතාව සලකා බලා මෙම චක්‍රලේඛය නිකුත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.