අබලි ද්‍රව්‍ය ලෙස ලෝහ පිටරට යැවීම නතර කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
දේශීය කර්මාන්ත සදහා ලෝහවල පවතින හිගය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කුරුණෑගල, පන්නල කාර්මික ජනපදයෙහි අශෝක් මැෂනරි කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
කර්මාන්ත පුරයෙහි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සදහා ද අමාත්‍යවරයා සහභාගී වුණා.