saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 6625 hours ago

LATEST

ඇමෙරිකාවෙන් තවත් එන්නත් පරිත්‍යාගයක්

calendar_today 2021 අගෝ 02 - 14:14 remove_red_eye - 964  

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ සංගමය (HISSL) සහ ඩිජිටල් සෞඛ්‍ය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මධ්‍යස්ථානය (CWCDH) එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන රෝගී ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමක් කිරීමේ අරමුණීන් ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් හදුන්වා දී ඇති අතර, එය සෙල්ෆ් ෂීල්ඩ් (Self Shield) “කොවිඩ් 19 ට එරෙහි ස්මාර්ට් පලිහ” යනුවෙන් හදුන්වනු ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

Read More

‍ඌව පළාතට මාසයක් තිස්සේ පවතින දැඩි නියගයත් සමග රාවණා දිය ඇල්ල ද සිදී ඇල්ලෙන් මේ දිනවල සිහින් දිය දහරක් ගලා බසී.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර අද (02) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Read More

ගුරු විදුහල්පති ගැටලුව නිරාකරණය කිරීම සදහා යෝජනා අද පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට යොමු කරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන අවසන් තරගකරුවා වන මැතිල්ඩා ක්ලාසන් තරග වඳින තුරගතරග තරගය හෙට (03දා) පැවැත්වේ.

Read More

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

Read More

පිලියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Read More

මෙරට කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 100 ඉක්මවා තිබේ.

Read More

කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්ය මණ්ඩලයේ 23 කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය .

Read More

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (01) දිනයේදී දිස්ත්‍රික්ක 9 ක සියයේ සීමාව ඉක්මවා ගොස් තිබුණි.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවක් සාක්ෂි විභාගය සඳහා සැප්තැම්බර් මස 6 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Read More

කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූවද රෝග ලක්ෂණ නොපෙන්වන නිදන්ගත රෝගවලින් නොපෙලෙන රෝගීන් තම නිවෙස්වලම තබා අවශ්‍යවූවහොත් පමණක් රෝහල්ගත කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

කොරෝනා වසංගතයට දරුවන් වැඩි වශයෙන් ගොඳුරුවන තත්ත්වයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

Read More

උපත්, මරණ සහ විවාහ සහතික පිටපත් අද සිට මාර්ගගත ක්‍රමයට ලබාදීම ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

දෛනිකව කොරෝනා අසාදිත කුඩා ළමුන් 15 දෙනෙකු පමණ වාර්තාවන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි . මේ වනවිට කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා සඳහන් කර සිටියේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ 02 වන මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තවත් මධ්‍යස්ථානයක් අද (02) සිට බත්තරමුල්ල - දියත උයන පරිශ්‍රයේද ක්‍රියාත්මක වෙයි.

Read More

ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ සේවයට වාර්තා නොකිරිමට තීරණය කර ති​බේ. ඒ අනුව මෙම තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කර සිටියේ​ය.

Read More

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 69266කට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.

Read More

හිටපු වෙළඳ අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බද්යුදීන් මහතා විසින් භාවිත කරන ලද කොළඹ 07 මැකැන්සි පාරේ පිහිටි වෙළඳ අමාත්‍ය නිල නිවස වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශට භාරදීමට වත්මන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.

Read More

දීර්ඝ කාලයකට පසු රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි අද දිනයේ සිට ක්‍රියාත්මකවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ෆයිසර් තවත් එන්නත් තොගයක් 08/02 දින කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් 08/02 දින රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සසනාථ කළේය .

Read More

වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන අලි වන්දි ක්‍රමය යටතේ ගෙවනු ලබන වන්දි මුදල දෙගුණ කිරීමට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශක්තිමත් ආරක්‍ෂිත හමුදාවක් සමග සමෘද්ධිමත් රටක් ගොඩනැගිය යුතු වන්නේ රටක් ආරක්‍ෂිත හා ස්ථාවර කිරීමට බලවත් හමුදාවකට පමණක් හැකි බැවින් යැයි චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

පසුගිය අපේ යහපාලන ආණ්ඩුවෙන් ගුරුවරුන්ට රුපියල් දහදාහක් වැඩිකරලා දුන්නා. ඒවායේ කෙළෙහිගුණ දැක්වූයේ නැහැ. ඒකෙ ප්‍රථිඵලය තමයි ඔය යන්නේ. අපි ගුරුවරුන්ට ආදරෙයි. දෙවිවරු වගේයි අපි ගුරුවරුන්ට සලකන්නේ. නමුත් දිට්ඨදම්මවේදනීය කර්මය පඬිසන් දුන්නා. ඒකයි වෙලා තිබුනේ. නමුත් අපි ගුරුවරුන්ට හැමදෙයක්ම දෙන්න කටයුතු කරනවා.

Read More

රාගම ප්‍රදේශයේ නගර මධ්‍යයේ මහ මග මැරි වැටි සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 දින සොයා ගැනිමට හැකිවු බව රාගම පොලිසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකු බවට හදුනා ගෙන ඇති බව රාගම පොලිසිය පවසයි.

Read More

වසංගතය පාලනය සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය ගැන අතෘප්තිය ප්‍රකාශ කරමින් මැලේසියාවේ ක්වාලලම්පූර් නගර මධ්‍යයට රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් අගමැති මුහයිඩින් යසින්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියහ.

Read More

වත්තල ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

Read More

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට පොරොන්දු වූ බව අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය පවසා සිටියි.

Read More

එන්නත් ලබා නොගත් ඇමෙරිකානුවන් ඩෙල්ටා වෛරසය ව්‍යාප්ත වනවිට වසංගතය ව්‍යාප්ත කරන නවතම වාහකයන් බවට පත්ව ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ බෝවන හා වසංගත රෝග පිළිබඳ ප්‍රමුඛතම පුද්ගලයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.