පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගෙන ඉන්න රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අධිකරණය නියෝග කළේය.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. බදියුදීන් මහතා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.
මෙම සිද්ධියට අදාළව නීතිඥ හිජාබ් හිස්බුල්ලා ඇතුළු 7 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.